17 වන පරිච්ඡේදය

1.2K 201 13
                                    

" කෝ ඔය ඔලුව උස්සන්න "

" ඔනේ නැහැ අයාන් මට පුළුවන්... කෝ එහාට වෙලා ඉන්නවා "

මම හිටියේ පුංචි එකාගේ මුන තවන ගමන්... පාඩුවේ ඉන්නේ නැතිව ගහා ගත්තා මදිවට ගුටිත් කාලා ඇවිත්... තව කට කියවන්නත් හදනවා...

බඩගිනි කිව්ව නිසා ම ඊයේ රෑ බත් එකක් ගෙනත් කොල්ලාට කැව්ව මම එහෙන් ම නිදාගෙන හිටිය සහන්සවත් නැගිටවටලා එයාටත් කැව්වා...

ආදරේ කරා කියලා... වෙනස්කම් කරන්න පුළුවන් ද... මේ ඉන්නේ ම මගේ දරුවෝ දෙන්නෙක් නේ... ඔක්කොම හරි දැන් උදේ... සහන්ස ගියා ගෙදර...

මෙහේ වැස්ස හෝ ගාලා... ඊයේ රෑ ඉදන් වහිනවා... පොඩි එකා ගෙදර ගියේ කොහොම ද කියවන්න වත් මම දන්නේ නැහැ...

වැස්ස නිසා ම හෙටයි... අනින්දායි මෙහේ ඉස්කෝල වලට නිවාඩු දුන්නා... එක අතකට එකත් උනේ මගේ ම හොදට... නැත්නම් මම කොහොම ද පොඩි එකාව මෙහෙම දාලා ඉස්කෝලේ යන්නේ...

මම මගේ ඇගේ දිහා බැලුවා...

මම නිකන් පිස්සන් කොටුවෙන් පැන්න පිස්සෙක් වගේ... සහන්ස කාර් එක ගාවට ඇරලවන්න ගිහින් එහෙන් තෙමුනා... ඔලුවත් රිදෙනවා... බඩගිනිත් එක්ක

ඔක්කොමත් හරි... කෝ මගේ ෆොන් එක එකත් මන් ලඟ නැහැ... මම හිතන්නේ මම එක ගෙදර දාලා එන්න ඇති... දැන් නම් නැති පිස්සුත් හැදෙනවා දෙයියනේ කියලා...

අම්මා එයා එහෙන්... මේ පණුවා මෙහෙන්... මැරෙන්න එකක් ගහන්න හිතෙනවා මට දැන් එයාට... තියෙන ප්‍රශ්න මදිවට තවත් ප්‍රශ්න දා ගන්නවාට

පුංචි එකාගේ තුවාල දකින කොට ඔක්කොමත් හරි මගේ පපුව ඇදුම් කනවා එයාට නම් මොකද... ඔක්කොම කරන්න මම ඉන්නවා නේ...

මට තමයි නින්දක්වත් නැත්තේ... බනින්නවත් පුළුවන් ද... මම ලෙඩ වෙලා ඉන්න දවස් වල මේ කොල්ලානේ මහා රෑ ඇහැරන් මම එක්ක ම හිටියේ...

එයා නොකා මට කැව්වා... රැයවල් ඇහැරන් මාව තුරුල් කරගෙන හිටියා... ඉතින් කොහොම ද මම බනින්නේ

දුරුතු සඳ | 𝐀𝐑𝐓 𝐎𝐅 𝐇𝐄𝐀𝐋𝐈𝐍𝐆 ( ꪗɀ / ꪮ᭢ᦋꪮỉ᭢ᦋ )Where stories live. Discover now