EPILOGUE

675 77 66
                                    

Author Pov

ජීවිතේ කියන්නෙ මොනතරම් නම් පුදුමාකාර දෙයක්ද කියලා හිතාගන්න ඇත්තටම හරිම අමාරුයි.. 2027 අද මැයි 22.. ජන්කුක් ටේහ්‍යුන් දෙන්නා කසාඳ බැඳලා හරියටම අවුරුදු තුනක්.. ඒක සුලුපටු කාලයක් නෙවෙයි.. එදා එයත් එක්ක පිටත් වෙලා ආව ගමන් මේ වෙනකම් හරිම ලස්සනට ගෙවුනා.. තවමත් එහෙමයි.. ජන්කුක් කියන්නෙ කොයි තරම් නම් ආදරණීය මනුස්සයෙක්ද කියලා ටේහ්‍යුන් මේ කාලේ ඇතුලත තවත් හොදටම දැනගත්තා..

Another Day Morning

උදේම ඇහැරුණ ටේහ්‍යුන් ජන්කුක්ගෙ නළලින් හාද්දක් තියලා බාතෲම් එකට ගිහින් මූණත් හෝදගෙන ගියේ කිචන් එකට.. අද ජන්කුක්ට ඔෆිස් දවසක් වෙද්දි ටේහ්‍යුන් හැමදාම උදෙන්ම නැගිටලා ජන්කුක්ට ඔෆිස් එකට ගෙනියන්න කෑම ලෑස්ති කරලා දෙන්න පුරුදු වෙලා හිටියා.. ඊටත් ඒක එයාගෙ වගකීමක්.. එයා ආදරෙන් ඉටු කරන වගකීමක්.. ඉලෙක්ට්‍රික් කෙට්ල් එකට වතුර එකක් තියලා උණු කරගෙන ටේහ්‍යුන් ලෑස්ති උනේ ජන්කුක්ට කොෆි එකක් හදන්න වෙද්දි පඩිපෙළ බැහැලා ආව ජන්කුක් ටේහ්‍යුන් ලගට ගිහින් එයාව බැක්හග් කරගෙන කෝප්පෙ හෝදද්දි තෙමෙන හූඩියෙ අත් දෙක වැලමිට ලගට වෙනකම් උඩට කරලා ටේහ්‍යුන්ගේ බෙල්ලෙන් හාදුවක් තිබ්බා..

ඉතින් එතනින් එහාට ටේහ්‍යුන්ට උනේ අලි බබාවත් උස්සගෙන කෑම හදන්න වෙද්දි කවදාවත් නැතුව ටේහ්‍යුන් ඈළි මෑළි වෙලා ඉන්නෙ ඇයි කියලා ජන්කුක්ට හිතුන නිසාම ටේහ්‍යුන්ව තමන්ගෙ පැත්තට හරවගත්තු ජන්කුක් ටේහ්‍යුන්ගේ මූණ දෙපැත්තෙන් අල්ලගත්තා..

" මොකද චූටි උදේ ඉදන්ම ඈළි මෑලි වෙලා වගේ.. මොකක් හරි අසනීපයක්ද වස්තුවේ.. "

" ම්හූ.. ජන්කුකී අද ඔෆිස් යන්න එපානේ.. ගෙදර ඉන්න බැරිද.. "

" ඇයි ළමයෝ මේ.. එහෙනම් මං උදේ ගිහින් හාෆ් ඩේ එන්නම්.. අද අලුත් කොස්මැටික් අයිටම්ස් වගයක් ඉන්ට්‍රඩියුස් කරලා දෙනවනේ සුදූ.. ඒකනිසා මං අනිවාර්යයෙන් ඉන්නම ඕනේ.. "

" හුම්ම්.. හා එහෙනම් ගිහින් එන්නකෝ.."

" ම්ම්.. කෝ එන්නකෝ අදට මං මඟින් යනගමන් බ්‍රෙක්ෆස්ට් ගන්නම්.. චූටි ගිහින් ටිකක් රෙස්ට් කරන්නකො.. "

𝐌𝐲 𝐒𝐭𝐮𝐛𝐛𝐨𝐫𝐧 𝐁𝐨𝐲𝐟𝐫𝐢𝐞𝐧𝐝 [𝐓𝐊] ✓✓ Where stories live. Discover now