ජිතේන්ද්‍ර මොනවත්ම නොකියා හිටියේ නළල රැලි කරගෙන. හරියට අපුර්ව කියන්නේ ඇත්තක්ද බොරුවක්ද කියලා අදුරගන්න උත්සහ කරන්න වගේ.
"මිගාරගේ හැම දෙයක්ම මම දන්නවා ජිතේන්ද්‍ර.. හැ..ම..දෙ..ය..ක්..ම..!"
"මිගාරට මානසික ලෙඩක් තියනවා කියලා දැනගෙනත්--"
"ඒක මානසික ලෙඩක්ද..?"
"හාහ්..? මොකද්ද..?" ජිතේන්ද්‍ර ඇහුවේ කට කොනට ආපු හිනාව පාලනය කරගෙන..
"තමන් ආදරේ කරන කෙනා වෙන කෙනෙක් එක්ක තමන්ව රවට්ටනවා කියලා දැනෙද්දී, වෙන කෙනෙක් එයාව වැරදි විදියට අල්ලනවා කියලා දැනෙද්දී තරහ යන එක මානසික ලෙඩක්ද..?"
"නිකන් බොරුවට සාධාරණීයකරණය කරන්නෙපා යාත්ර.. ඇත්ත පිළිගන්න.."
"හරි.. මෙහෙම කියන්නම්.. අරවින්ද මට එයා එක්ක එන්න කිව්වා එක දවසකට විතරක්.. එයාට මට සැප දෙන්න පුළුවන් කියලා ඔය දෙන්නටම වඩා.. ම්ම්.. ගිහිල්ලා බලන්නද මම..?"
"යාත්ර..!!! තමුසේ--" ජිතේන්ද්‍ර අපුර්වගේ උරහිසෙන් තදින් ඇල්ලුවේ ඇස් දෙකෙන් ගිනි පිටවෙද්දී..
"චහ්..!" අපුර්වගේ කටින් හිනාවක් පැන්නේ හිතුවට වඩා මේක ලේසි වුනා කියන්න වගේ..
"යාත්ර.. වචන එක්ක සෙල්ලම් කරන්නෙපා.. තමුසේ කියපු දේ ඉල්ලා අස් කරගන්නවා දැන්මම.."
"So.. Is this Pathological jealousy..?" අපුර්ව ඇහුවේ උරහිස තද කරන් ඉන්න ජිතෙන්ද්රගේ අත දිහා බලාගෙන..
ඒ කියපු දේට ජිතේන්ද්‍ර ගැස්සුනා..
"මෙවන් කරපු දේ නිසා... පොඩි කාලේ ඉඳන්ම මිගාරගේ එක්ස්පීරියන්ස් එක වුනේ ඒක නිසා.. මිගාරත් එහෙමමයි කියන්න පුලුවන්ද..? මිගාර කියන්නේ තව මෙවන් කෙනෙක් නෙමෙයි.. එච්චරයි.."
"යාත්ර.."
"ප්ලීස් ජිතේන්ද්‍ර.. මිගාරගේ ලිමිට්ස් චෙක් කරන්න එපා.. එයාට පාඩුවේ ඉන්න දෙන්න.. මම කරපු වැරැද්දට එයාගෙන් පලිගන්න එපා.."
"අහ--"
"අද මම කතා කරන්නද..? ප්ලීස්..?"
"යාත්ර.. අහන්න.. මම ඔයාට ආදරෙයි.. මම දන්නවා ඔයාටත් පුළුවන් මට ආදරේ කරන්න.. ප්ලීස් තව ටික කාලයක් දෙන්න.. ඔයාටම මට ආදරේ කරන්න හිතෙයි.."
ESTÁS LEYENDO
ස්නේහ | Completed
Romanceමීට හරියටම අවුරුද්දකට කලින් මම හිටියේ මුලු හදවතටම අගුලු දාගෙන. ආදරය කියන්නේ මට මේ ලෝකේ තියෙන එක වචනයක් විතරක් වෙලා තිබ්බේ. උබ ආවේ කොහෙන්ද කොහොමද කියන්න මම දන්නේ නෑ අපූර්ව. හැබැයි උබ මාව පිස්සු වැට්ටුවා. ගෑණු දාහක් මැද උනත් එක දශමෙකින්වත් හෙලවුනේ...