ගෙදර ආව මන් කෙලින්ම කාමරේට ගියේ අනිද්දා ඉදන් කැම්පස් යන්න පොත් ලේස්ති කරගන්න ඕන නිසාමයි...වැඩ ගොඩ ගැහිලා...දවස් ගානක නෝට් තියනවා...මන් හිතන්නෙ මට දවස් ගානක් නිදි මරන්න වෙයි...අනිද්දා ඉදන් දවසක් නෑර කැම්පස් යන්න ඕන...නැත්තන් මට වැඩ ගොඩගහගෙන මැරෙන්න තමා වෙන්නෙ...මන් එහෙමම යශේන්ට මැසේජ් එකක් දාලා මිස් උන නෝට් ටිකත් ඉල්ලගෙන ඒවා ලියන්න ගත්තා....මට එපා වෙනම වැඩේ මේක...ඇත්තමයි ලියන්න පුලුවන්...ඒත් පොත දිහාම බලන් ඉන්නකොට ඔලුව රිදෙන්න ගන්නවනෙ....ඒකමයි මට පේන්න බැරි...ශික් ..අම්මපා මුන්ට මේ අද්යාපන ක්රමේ වෙනස් කරන්න බැරිද...සැක්...අපිම නැහෙන්න ඕන...අට පාස් නැති මෝඩ දේසපාලුවන්ට ඕවා තේරෙනවද...නෑ...උන්ට මොලයක් තියනවද...නෑ...උන් ඉගෙනගෙනද...නෑ...උන්ට මේවගෙ අමාරුකම් තේරෙනවද...ඒත් නෑ...මගුල...මුනුත් ඉදන් අපිවම කනවා...
ශේනු...
ඕ..ඕ...
මන් දැන් කීයෙ ඉදන්ද දරුවො කතා කරන්නෙ...මොනවද ඔච්චරටම කල්පනා කරන්නෙ...
හෙහෙ දැක්කෙ නෑ අප්පා...මන් මේ නෝට් ටික ලියන්නෙ කොහොමද කියලා කල්පනා කරේ...
ම්ම්...මාත් ටිකක් ලියලා දෙන්නද....
එයා ඒක ඇහුවෙ හරි අහින්සක විදියට...පොඩි එකෙක් වගේ...
පුලුවන්ද...
පුලුවන්...හැබැයි අකුරු නම් කැතයි...
කමක් නෑ...බලාගන්න පුලුවන් නම්...ලියලා දෙන්නකො කේශ්...මෙච්චර තොගයක් තනියෙන් ලියන්න ගියොත් මට අතක් කඩෙන් ගේන්න වෙයි...
ම්ම්...ඊට කලින් අපි කාලා බෙහෙත් ටික බීලා ඉමුකො...
අනේ මේ කේශ්...බෙහෙත් ඕන නෑ...මට දැන් හොදයි...පාඩුවේ ඉන්න දීපන්...
එහෙම කියලා කොහොමද...හොදින් හරි නරකින් හරි කාලා බෙහෙත් ටික බීපන්...
මොන මගුලක්ද මන්දා..
මොකද්ද කියන්නෙ...
නෑ නෑ බොන්නම් කියලා කිව්වෙ...රෙද්ද...
කේශ් මාව කාමරේ තනියම දාලා පහලට ගියත් මන් නෝට් එකෙන් තව ටිකක් ලියලාම පොතත් වහලා පහලට ගියා....පෝන් එක කොටන ගමන් එයාටම කියලා බත් කවාගත්තා...කලින් පෝන් එකේ තිබ්බ අකවුන්ට් සේරම මේකට ගත්තා...ෆේස්බුක් එක නම් ගන්න බැරුව ගියා...මට ඒකෙ පාස්වර්ඩ් මතක නෑ...හොරට හදපුවනෙ...මන් එහෙමම කේශ් දිහා බැලුවා...