56

1K 185 97
                                    

සටන් කිරීම, එයට අවතීර්ණ වීම ලේසි පහසු දෙයක් නෙවෙයි. විශේෂයෙන් මේ වතාවේ ජයග්‍රහණය පමණක් ඉලක්ක වන නිසා සටන ආරම්භ කිරීමට තියුණු, සංකීර්ණ මෙන්ම බුද්ධිමත් සැලැස්මක් අත්‍යවශ්‍යයි.

ඉතින් ටේහ්‍යුන්ට මේ පිටිසර ගමෙහි මේක තනිව කල නොහැකියි.

ඉතින්, සැලසුමේ පළවෙනි පියවර ලෙස ටේහ්‍යුන් තීරණය කලා අගනුවරට කිට්ටු වෙන්න.

එයා එයාගෙ ඔමේගාත්, පුංචි කෙල්ලත් එක්ක අගනුවර අසල පිහිටි ගම්මානයකට පිටවෙන්න සූදානම් වුනා.

ඒත් එයාලා පිටවන බව ආරංචිය ඇසී ගම්මු යම්තරමක වේදනාවකින් අධිරජුට සමුදෙන්න ආවේ එයාලගෙ ගමෙන් අධිරජු පිටවන එක ගැන දුක් වෙමින්. ඒත් එතුමාගෙ අරමුණ දන්න වැසියො අධිරජුට සතුටින් සමුදුන්නා.

මේ මොහොතෙ ජන්ග්කුක් එයාගෙ මිතුරිය හේජින්ට දුකින් සමුදෙමින් හිටියා.

එයා උනුසුම් වැළඳගැනීමකට හේජින්ව ඇදගත්තේ හේජින් පුදුම වෙද්දි.

"ඔයාට කරන ස්තූතියක් විදිහට ඔයා බලාපොරොත්තු වුනු අරමුණ මං ඉෂ්ඨ කරන්නම් හේජින්. අධිරජු නපුර පරදලා නැවත බලයට එන එක ගැන ස්ථිරව බලාපොරොත්තු තියාගන්න." ජන්ග්කුක් කිව්වම හේජින්ට සතුටක් දැනුනා.

දැන් එයාගෙන් ඈත් වුනු ජන්ග්කුක් දිහා බලලා එයා සංවේදීව හිස වැනුවා.

"ඔබතුමාගෙ අමාරු කාලයෙදි නොදැන වුනත් ළඟින්ම ඉන්න පුළුවන් වුන එක ගැන මට ගොඩක් සතුටුයි වගේම ආඩම්බරයි." හේජින් කිව්වම ජන්ග්කුක් පවා හැඟුම්බරව එයාගෙ මිතුරිය දිහා බලා හිඳියා.

ගෞරවයෙන් ඇමතීම නවත්තන්න කියලා කොතරම් කිව්වත් හේජින් එවෙලෙ කියූ එක් දෙයක් ජන්ග්කුක්ගේ හිතට තදින් වැදුනා.

"ගෞරව කල යුතු තැනැත්තාට ගෞරව කරන්න ඉඩ දෙන්න ඕන. ඒ ගෞරවය ලබා ගන්න උතුමාණනි."

හේජින් එවෙලෙ කිව්වා. ඒත් ජන්ග්කුක්ට කියන්න ඕනවුනා ඒක මිතුරන් අතර අදාළ නොවන බව. ජන්ග්කුක් ගොඩක් ආදරෙයි එයාගෙ මිතුරු මිතුරියන්ට. කොතරම් අවාසනාවන්ත සිදුවීම් සිදු වුනත් එයාගෙ ජීවිතේ දුෂ්කරම කාලවලදි එයාව තනි නොකළ පිරිසව එයා කවදාවත් අමතක කලේ නෑ.

Prohibition Of Empire 👑✨️ || (Complete)Where stories live. Discover now