"ඒ ආන්ටිට ඔහොම වෙන්න ඇත්තටම හේතුව මොකක්ද ආන්ටි "
" හ්ම්ම්ම් ඒක දිග කතාවක් පුතේ ... මාත් හරිම විස්තරයක් දන්නේ නෑ ... එයායි එයාගේ හස්බන්ඩ් වගේම ඒ හස්බන්ඩ්ගේ මල්ලි කියන කෙනයි විතරයි හරිම විස්තරයක් දන්නේ මේ දේවල් ගැන .... ආරංචි උන විදියට මෙයාගේ මල්ලිගේ වයිෆ් මැරිලා තියෙන්නේ මෙයාගේ අතින් ඒකේ ශොක් එකට මෙහෙම වෙලා තියෙන්නේ කියලා තමා කට්ටිය කියන්නේ ... ඒත් මං දන්න මගේ සයුරි කෙල්ල එහෙම දරුණු කෙනෙක් නෙවේ ... එයා එයාට කොච්චර දුකක් දුන්නත් ඉවසන් හිටපු කෙනෙක් .. එයාගේ දරුවා ඉපදිලා අවුරුදු 4ක් විතර ඇතිලු ඔය කියන සිද්දිය වෙද්දී ... මගේ අසරණ කෙල්ල නොවිඳනා දුක් වින්දා ඒ දරුවාව බිහි කරන්න ගිය වෙලාවෙත් ඔය කියන හස්බන්ඩ් වත් හිටියේ නෑ දරුවා හම්බෙනකොට මේකී තනියම ඔක්කොම දරාගෙන .. පව් මයේ කෙල්ල ... මට.. අඩුම මටවත් කතා කරන්න තිබ්බා සයූ දරාගන්න බැරි වෙනකොට .. මං වගේ යාලුවෙක් ... නෑ ඒකී මගේ අක්කා වගේ හිටියේ දෙයියනේ ... මෙයාගේ අතින් එයාගේ මල්ලිගෙ වයිෆ් පඩිපෙලින් පහළට තල්ලු කරලලු ... හිරේ දාන්න හදද්දී සයුරිගේ මානසික අවපීඩනයක් නිසයි මෙහෙම උනේ කියලා ඔප්පු කරලා මෙහෙ නවත්තලා තියෙන්නේ ... හනේ මගේ කෙල්ල දරාගත්තේ කොහොමද මේ දේවල් ... ඒකිගේ දරුවට මොකක්ද උනේ කියලවත් අඩුම මම දන්නේ නෑ ..... අහ්හ්හ්හ් "
" අනේ අම්මා නාඬා ඉන්නකෝ දැන් ... අපි කොහොම හරි සයුරි ආන්ටි හොඳ කරගන්න බලමු හොඳේ "
ආන්ටිගෙන් සයුරි ආන්ටිගේ කතාව අහද්දි මට මහා ලොකු දුකක් දැනුනා ... පව් ... ඒත් ඔය හරිම සිද්දිය නොවෙන්න පුළුවන් හැබැයි ... අර කිව්වත් වගේ අපේ බැච් එකේ කීප දෙනෙක් ඉන්නවා මෙහෙත් ට්රේන් වෙන .. එක්කෙනෙක්ට දෙන්නෙක්ට කීවා නන් හරි බලන්න කියලා .... අනේ මන්දා ඒ ආන්ටිගේ නම වගේම ඒ ආන්ටිගේ ඇසුත් මුහුදක් තරම් ගැඹුරුයි වගේ ... සුදු බෝලේ කියද්දී ආදරේ පිරිලා තිබ්බ තරම් ඒ ඇස් වල .... හ්ම්ම්ම් කාලය අපි හැමෝටම හොඳ නැ .... දරාගමු කොහොමහරි ... මං උපරිම ට්රයි කරනවා ආන්ටි ඔයාව හොඳකරගන්න ..
" ඒක තමා ආන්ටි අපි උපරිම ට්රයි කරමු ඒ ආන්ටිව හොඳ කරගන්න ... "
" උඹ දැන් යනවද මෙහෙම්මම "
YOU ARE READING
_~ අහස් රාගය ~_
Non-Fictionතරු පිපුණු රෑ අහසේ සුපිපුණූ සඳ මඩල යට විකසිත වූ හදේ හුස්ම දියකරමි නුඹ මායාවේ ...... ❤️❤️❤️ මහ වැසි මැද කුනාටු අභියස වුවද රැඳෙමි ඔය දෑත මත ඉඩෝරයට වැටී මහ වැස්සක්ව...... 💛💛💛