"ටේහ්‍යොන්ග්, ආ යූ රෙඩි?"කණ්ණාඩිය ඉස්සරහට වෙලා කෝට් එක පිළිවෙළට හදන ගමන් හිටපු ටේහ්‍යොන්ග් ඒ කටහඬට පිටිපස්ස හැරිලා බැලුවා.
හැමෝම එයාව දාලා යද්දි එයා ළඟින් හිටපු කීපදෙනාගෙන් එක්කෙනෙක් තමයි ඒ ඇවිත් හිටියෙ. ජන්ග් හෝසොක්, ටේහ්‍යොන්ග්ගෙ මැනේජර්.
"ම්ම්." දුඹුරු පාට වොච් එක අතේ බැඳගත්තු ටේහ්‍යොන්ග් වොලට් එකත් අතට අරගෙන රූම් එකෙන් එළියට ඇවිදගෙන යද්දි හෝසොක් දිග සුසුමක් හෙලන ගමන් ටේහ්‍යොන්ග්ව අනුගමනය කරා.
කාලෙකට කලින් හරි සුහදශීලි, විනෝදයට බර කෙනෙක් උනු ටේහ්‍යොන්ග් අද වෙද්දි සම්පූර්ණයෙන්ම නිහඬ චරිතයක් වෙලා. ඒ ඇස් ඉස්සර වගේ දිලිසුනේ නෑ. ඒ ලස්සන හිනාව තවදුරටත් ලා රෝස පාට හීනි තොල්පෙති අතර මතු උනේ නෑ. ඒ විතරක් නෙවෙයි ටේහ්‍යොන්ග් වචනයක් දෙකක් පවා කතා කරේ එයාගෙ අම්මා හැරුනම හෝසොක් සහ ටේහ්‍යොන්ග්ගෙ යාලුවා උනු ජින් එක්ක විතරයි. අවුරුදු දෙකක් ඇතුලත ටේහ්‍යොන්ග් තද ගතිගුණ තියෙන සීතල, නපුරු චරිතයක් බවට පත්වෙලා හිටියා. හැඟීම් විරහිත ඒ ඇස් වගේම මූණ ටේහ්‍යොන්ග්ව ගුප්ත චරිතයක් ලෙසින් ඉස්මතු කෙරෙව්වා.
"ඔයාට ශුවර්ද මේ තීරණේ ගැන ටේහ්‍යොන්ග්? මීටකලින් ඔයා ඇක්ට් කරේ thriller or action ඒවගෙ විතරයි." ඩ්‍රයිවින් සීට් එකේ ඉඳගත්තු හෝසොක් rear view mirror එකෙන් බැක්සීට් එකේ ඉඳගෙන ඉන්න ටේහ්‍යොන්ග් දිහා බලලා අහන ගමන් කාර් එක ස්ටාට් කරා.
"හ්ම්ම්, මේක වෙනසක් වෙයි. අනික මිස්ටර් මින් එක්ක වැඩ කරන එක ලේසියි කියලා හිතුනා."
"ඔව්, මං මුලදි හිතුවෙ මිස්ටර් මින් ඔයාව සිලෙක්ට් කරගත්තෙ ජින්ගෙ කීමට කියලා. මිනිහා ජින්ගෙ යාලුවෙක්නෙ. ඒත් පස්සෙ තමයි මටත් තේරුනෙ මිස්ටර් මින් ඔයාගෙ ටැලන්ට්ස් ගැන දන්න නිසා ඔයාව මේකට සිලෙක්ට් කරගත්තෙ කියලා."
YOU ARE READING
He's Trouble [Taekook] ✔️
Fiksi Penggemar"ඔහු සම්පූර්ණයෙන්ම ප්රහේලිකාවක් විය. හැමෝම මට අනතුරු ඇඟෙව්වා, ඔහුගෙන් ඈත් වෙලා ඉන්න කියලා. නමුත් ඔහුගේ ගුප්ත බවින් පිරී ගිය ගැඹුරු දෑස් පළමු දිනයේදීම මා වශී කරගන්නට සමත් වෙද්දි මං තේරුම් ගත්තා මම ලොකු අමාරුවක වැටුනා කියලා." ...