"ෂිහ්.. මොන මගුලක්ද මන් දන්නේ නැහැ.. මූ මේ ඔෆිස් එකට ගිය දවසේ ඉඳලම අසනීප වෙනවා, තුවාල වෙනවා, කලන්තේ දානවා" භවන් කිව්වේ ඉණට අත තියන් අපුර්ව දිහා බලාගෙන..
ඇස් දෙක අරින්න තවම පණ නැති වුනත් අපුර්වට එයාගේ වටේ ඉන්න කට්ටිය කියන දේවල් ඇහෙනවා.. භාතිය හිටියේ හොස්පිටල් රූම් එකේ සෝෆා එක ගාව ඉඳගෙන මැගසින් එකක් බලන ගමන්.. ශාක්‍ය, භවන් අපුර්වගේ ඇඳ ළඟ තිබුන පුටු දෙකේ වාඩි වෙලා.. මිගාර හිටියේ රූම් එකේ තිබුන ජනේලයක් ගාවට ගිහින් ඈත බලාගෙන බර කල්පනාවකට වැටිලා..
"කෑ ගහන්නේ නැතුව ඉන්න සුදූ.. ඔයා මේ අසනීප මිනිස්සුන්ගේ ලෙඩ වැඩි කරනවා.."
"කෝ දැන් අරයා කන්නේ නැද්ද? ඊළඟට කලන්තේ දාන්නේ එයා තමයි ආහ් මෙතන නොකා නොබී ඉඳලා.."
"ඌට අවුල් ඇති සුදු වෙච්ච දේට.. පාඩුවේ ඉන්න දෙමු ටිකක්.."
"මම ප්‍රොෆෙසර් ට කෝල් කරලා කිව්වා අදට අපේ ස්ටෝල් එක වහන්න කියලා.. උදේ කලානේ.."
"හ්ම්ම්.."
"ඒ පාර මොකද අර භාතිය අයියා මූඩ් ගහලා..?"
"අනේ මන්දා සුදූ මම උගෙන් ඇහුවා.. කියන්නේ නැහැ.. කොයි වෙලෙත් ෆෝන් එක අරන් කොටනවා කොටනවා.. දවසක් මම ලාවට උගේ ස්ක්‍රීන් එක දැක්කා වට්සැප් ඉද්දී.. මූ කාටදෝ මැසේජ් යවනවා කෝල් කරනවා.. හැබැයි චැට් එක අනික් පැත්තේ මුකුත් තිබ්බේ නැහැ වගේ දැක්කේ.. නැත්තම් තිබ්බද දන්නෙත් නැහැ මම දැක්කේ නම් නැහැ වගේ.."
"ම්ම්.. එයා වැඩිය කාත් එක්කවත් කතාවක් නැහැනේ.. මාත් එක්කත් කතා බහක් නැහැ.. හැබැයි දවස් දෙක තුනක් මාව හම්බුනාම ඇහුවා සචින් කතා කලාද කියලා.. එච්චරයි..මම ඉතින් කිව්වා ඌ අපිත් එක්ක දවසට තුන් හතර පාරක් කතා කරනවා කියලා.."
"ඉතින්..?"
"ඉතින් එච්චරයි.. ඔයාටත් ඕපාදුප.. හම්මෝ.."
"අනේ සුදූ උඹ මගෙන් අහගන්නෙපා.. කවුද දැන් පටන් ගත්තේ භෑචිය ඇයියා මොකෝ ගාලා.."
දෙන්නාගේ රණ්ඩුව අස්සේ කාමරේ දොර ඇරුන නිසා හැමෝගෙම අවධානේ ඒ පැත්තට ගියේ ක්ෂණිකයෙන්..
YOU ARE READING
ස්නේහ | Completed
Romanceමීට හරියටම අවුරුද්දකට කලින් මම හිටියේ මුලු හදවතටම අගුලු දාගෙන. ආදරය කියන්නේ මට මේ ලෝකේ තියෙන එක වචනයක් විතරක් වෙලා තිබ්බේ. උබ ආවේ කොහෙන්ද කොහොමද කියන්න මම දන්නේ නෑ අපූර්ව. හැබැයි උබ මාව පිස්සු වැට්ටුවා. ගෑණු දාහක් මැද උනත් එක දශමෙකින්වත් හෙලවුනේ...