"කට්ටිය සීන් එක දකින්න ඇතිනේ..." ඩිලන් ෆයිල් එකත් දිගෑරන් පුටුවෙන් ඉදගෙනම කතාවට මුළ පිරුවා..
"අපෝ මගුලක් බන්..මම දන්නෙ නෑ ඒකේ වීඩියෝ තිබ්බා කියලා...
ශිට්...! " සාහිලුත් මූණ ඇදකරගත්තෙ ඒ එක්කමයි.."ඩී ඩී සර් තමයි කිව්වෙ උදෙන්ම මීටින් එකක් ගමු කියලා...
සර් ඉස්සල්ලා ඇවිල්ලා කතා කරලා ගියේ..""උදෙන්ම කිව්වට මේ උදේ වැඩියි හොදේ බලන්න තාම හයහමාරයි.."
"මොකක්ද සේ..හයහමාර කියන්නෙ උදේද ?" අනුරාධ් සේයාගෙ කොණ්ඩෙ ඇවිස්සුවේ හරි හුරතල් විදිහට..
"මට උදේ තමයි..මම අද ප්‍රැක්ටිස් දාගත්තෙත් දවල්..හොදට නිදාගන්න හිටියේ.."
"ඇයි බබා ඔයා ඊයේ රෑ නිදාගත්තෙ නැද්ද ? "
"නෑ..බැලේ වල ට්‍රැක් එක හැදුවා..."
"ටසිරි.. ට්‍රැක් එක නේ.."
"උඹට මතක් වුණෙත් දැන්නෙ ? " ඩිලන්ට ගලක් බැදන් මුහුදට පනින්න හිතෙන්නෙ මේ වෙලාවට තමයි..
අම්මපා මුන්වනෙ කැප්ටන්ලා කරලා තියෙන්නේ.."අහ් කස්ටියහ්හ්...." අමුතුම තාලේ ග්‍රීට් එකකුත් එක්ක රොෂාන් දොර ඇරන් ඇතුළට ආවම කට්ටියගෙ තිබුණ මූණු එහෙමම වෙස් පෙරළුණා..පුංචි අපහසුතාවයක් මිශ්‍ර පීඩනයකුත් අවට පැතිරුණේ ඒ එක්කමයි..
"අහ් වරෙන් වරෙන්.." සාහිල් අතිශය සාමන්‍ය පෙනුමක් මවාගත්තා...කැමති නෑ කියලා පෙන්නන්නද ඉතින්..
"වැඩ ටික හිමීට කරගෙන යමුකො..අද නෝටිස් එකක් දායි සමහරවිට...
මේඝ , විද්දා එයිද ? මොකද ? "ඩිලන් මේඝ දිහාවට හැරුණත් හරි මේඝ ඩිලන්ට දුන්නෙ එපාමකරපු බැල්මක්..
"පරයව ඊයේ රැ ඉදන් හොයාගන්න නෑ බන්.."
"පෙරේදා අසනීප වෙලා ගෙදර ගියා කියලා ඩී ඩී සර් කිව්වා..ඔය කතාවක් දන්නෙ නෑ බන්.." අනුරාධ් කතාවට එකතු වුණා..
"ඩීඩියෝ එක හින්දද දන්නෙ නෑ...ටිකක් බලපන් ට්‍රැක පැනලා ඉන්නෙ මේ දවස්වල.." සාහිල්ගෙ ඇස් ෆෝන් එකේ තිබ්බට කොල්ලා ඉන්නෙ අවධානෙන්..
"විදත් ගැන චුට්ටක් බලන්න.." සේයට වුණත් විදත් ගැන පුංචි දුකක් තිබුණා..
YOU ARE READING
මීන් | MEEN
Non-Fiction"මං මූදු රැළ්ලට වඩා උඹට ඇබ්බැහි වෙලා.." -විදත් හංසනාදිත්යය-