34 කොටස

2.5K 275 18
                                    

ඇඟට අමාරුවක් නොතිබ්බත් මිගාර බල කරපු නිසා දවස් දෙකක් විතර නිවාඩු අරන් අපුර්ව ගෙදර හිටියා.. හවසට මිගාර එන නිසා පාළුවක් තිබුනේ නැහැ.. හවස හය විතර වෙද්දී අපුර්ව බලන් හිටියේ මිගාර එනකන්.. සෙටි එකේ වාඩි වෙලා කකුල් දෙකත් උඩ දාගෙන ෆෝන් එකේ උඩ පහල ගියේ තියන කම්මැලිකමට.. මෙච්චර කල් සචින්, භවන් විතරක් දැනගෙන හිටපු පාස්වර්ඩ් එක අපුර්ව මිගාරට වට්සැප් එකක් දාලා තිබ්බේ හදිසියක් වුනොත් එන්න.. 6.10 විතර වෙනකොට මිගාර ආවා.. ආවාට මූණත් අමුතු කරගෙන වැඩි කතා බහකුත් නැතුව කිචන් එකට ගියේ එද්දී ගෙනාපු චිකන් පරාටා එක පිගානකට දාගෙන එන්නම් කියලා කියාගෙන..

"මොකෝ.." කෑම ටික පිගානට දාගෙන ඇවිල්ලා එයා ගාවින් වාඩි වුන මිගාර දිහා බලාගෙන අපුර්ව ඇහුවා..

"ම්ම්.. මුකුත් න්..නැහැ.." පර්ටා එකෙන් කෑල්ලක් කඩාගෙන උණු හින්දද කොහෙද ඒකට පොඩ්ඩක් පිඹලා අපුර්වගේ කට ලඟට ලං කලත් අපුර්ව ඒක නොකා මිගාර දිහා ආයේ බැලුවා..

"මිගාර ඇයි මේ..?"

"ඇයි.. දැනටම ඔයා දැකලා ඇතිනේ..?"

"මොකද්ද..?"

"අනේ බොරු කරන්න එපා බබා.."

"අනේ අම්මෝ මේ.. එක පාරක් බොරු කරලා අන්තිමට නැවතුනේ සයිකෝ හැදෙන්න ඔන්න මෙන්න තියලා.. ආයේ නම් බැහැ.."

"ඇයි.. ඉන්ස්ටා එකේ දැක්කේ නැද්ද..? උදේ ඉදන්ම ඕකේ එල්ලිලා ඉඳලා ඕක දැක්කේ නැද්ද ඔයා.. බොරුවනේ..?"

"මොකද්ද බං කියන්නේ..?"

අතේ තියාගෙන හිටපු පරාටා කෑල්ල ආයෙමත් පිගානටම දාලා මිගාර එයාගේ ෆෝන් එක එලියට ඇදලා ගත්තා.. ස්ක්‍රීන් එකේ උඩට පහලට ගිහින් මොකක් හරි ලින්ක් එකක් ක්ලික් කරලා අපුර්වගේ පැත්තට ෆෝන් එක ඇල්ලුවා.. ජිතෙන්ද්‍රගේ ප්‍රොෆයිල් එක.. වීඩියෝ එකක්.. ඒක ජිතෙන්ද්‍රගේ කාමරේ වෙන්න ඕන.. කළු පාට ටී ෂර්ට් එකකට සුදු පාට කලිසමක් ඇඳගෙන ජිතේන්ද්‍ර හිටියේ කාමරේ බැල්කනි එකේ පුටුවක් තියලා වාඩි වෙලා ගිටාර් එකත් අරගෙන.. අපුර්ව ප්ලේ බටන් එක උඩ ක්ලික් කරේ ඒකට දාලා තිබ්බ කැප්ෂන් එක කියවන ගමන්..

ස්නේහ | CompletedTempat cerita menjadi hidup. Temukan sekarang