i❗️ කොටස

629 63 2
                                    

ඉරට ආදරේ කරපු ඉර වෙනුවෙන් නැතිවෙන්න පෙම් කරපු කරන තමන් ලග එක අංශුවක් ඉතිරි නොකරම ඉර වෙනුවෙන්ම ආදරේ දුන්න....ඉර වෙනුවෙන් පේ උන කැප උන.....සුරිය කාන්ත මල් අඩවගෙන බටහිරෙන් සිතිජ කොනක හැංගුන ඉර....ආයෙම නැගෙනහිරෙන් පාගන්න ගත්තෙ....මැලඋන සුරිය කාන්ත මල් ආයෙම හිනාවකින් පුරවලා...........

සුරිය කාන්ත මල් වල එල්ලුන මුනු ටික ආයෙම හිනාවකින පුබුදවපු ඉර......ඊයෙ මුලු රෑම මගුල් සිරිය කැන්දපු.....එත් ආත්ම ගත පාරිශුද්ධ පෙම් වතුන්ට මල ගමක සිරි පෙන්නපු........වාසුදේවන් මන්දිරයට තමන්ගෙ එලිය වැටෙන්න දුන්නෙ මංගල රැයකින් පස්සෙ මන්දිරේ සිද්ද වෙන ඕපාදුප ටික හොයන්න වගෙ.......

තනි සුදෙන් දිලිසෙන අවුරුදු විසි ගානක පරණ අතීතයකට හිමිකම් කියන වාසුදේවන් මන්දිරයෙ ඇතුල රන්පාටින් දිලිසුනා......මන්දිරෙ ප්‍රධාන දොරෙන් ඇතුල් වෙන තැන ඉදන් අඩි විස්සක් විතර දුරින් ගෙ ඇතුලේ ම ඉදිඋන පුජා කාමරේ ක්‍රිෂ්ණ දෙවියන් රාධා දේවිය සමග පේමයෙන් වෙලි උන්නා........

ගෙදරකට වඩා මන්දිරයට ඔබින විදහට හැම දෙකින්ම සර්ව සම්පූර්ණ උන මේ තට්ටු තුනෙ මන්දිරයෙ උඩට යන්න හදලා තිබුන පඩි පෙල ලගම තිබුන කෑම මෙසෙ පුරාම අද උදේ කෑම වැහි වැහැලා තිබුනා....

කැමති ඕනිම කෑමක් තිබුන කැම මෙසෙ ඉදන් උන්නෙ නම් වයස විසි දෙකක් උන කොලේච් යන වාසුදේවන් පවුලේ පුංචි හුරතල් දෝණි වගෙම පවුලේ ලොකු ලේලි අපර්ණිකා විතරක් උනා.....මොකද අපර්ණිකාගෙ හස්බන්ඩ් එහෙම නැත්තන් වාසුදෙවන් පවුලේ ලොකු පුතා දැනටමත් ඔෆිස් ගිහින්.....එතකොට මෙ විසාල මන්දිරෙ උන්න පවුලේ බාල පුතා නැත්තන් දෙවැනියත් දැනටම තමන්ගෙ පොඩි පුතාව ස්කූල් දාන්න වගෙම තමන්ගෙ දේශපාලන වැඩකට එලියට ගිහින්.....එතකොට පවුලේ දෙවනි ලේලි තමන්ගෙ දුව එක්ක කුස්සියට වෙලා දුවට උයන්න උගන්වනවා......මොකද හරි හැටි පාඩමක් වත් බැද ගන්න බැරුව හෙට අනිද්දට දිග යන්න ඉන්න කෙල්ල නැන්දම්මගෙන් ගුටි කෑවා බලන්න බැනේ.........එතකොට මේ පවුලේ ඊයෙ කසාද බැදපු අලුත් ජෝඩුව....ආ...මම හිතන්නෙ එ දෙන්නා මංගල රැයෙන් පස්සෙ මහන්සියට හොදටම නිදි ඇති.....මම විතරක් නෙවෙයි නවය වෙලත් තමාත් ඇහැරියෙ නැති මෙ ඩබල ගැන මේ මුලු පවුලම එහෙම තමා හිතන් ඉන්නෙ.....එත් ඉතින් එක ඇත්තටම එහෙමද....සමහර විට එහෙම නොවෙන්නත් පුලුවන්........

💞සින්ධුර්💞  (Non fiction)Where stories live. Discover now