Chapter 2

1.1K 200 31
                                    

"එහෙනම් ඒ නිසයි ඩිරෙක්ටර් මින් එච්චර ක්ලෝස් විදිහට ඒ බෝයි එක්ක කතා කරේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"එහෙනම් ඒ නිසයි ඩිරෙක්ටර් මින් එච්චර ක්ලෝස් විදිහට ඒ බෝයි එක්ක කතා කරේ."

Indigo company එකේ CEO උනු කිම් නම්ජුන්ගෙ google profile එක සටහන්ව ඇති සිය දුරකථන තිරය දෙස බලාගෙන සිටි ටේහ්‍යොන්ග් මිමිණුවා.

ආයෙමත් වතාවක් තමන් ඉස්සරහා ගැස්සෙන ඒ ඇස් මතක් වෙද්දි ෆෝන් එක ඇඳට විසි කරපු ඔහු සුසුමක් හෙලන ගමන් ඉඳගෙන හිටපු විදිහට කකුල් බිම තියෙද්දිම ඇඳේ හාන්සි වුණා.

දෙපැත්තට කරලා තියෙන කළු පාට කර්ටන්ස් අතරින් පේන කලබලකාරී නගරයේ විදුලි ආලෝකයන් දිහා බලාගෙන ටේහ්‍යොන්ග් ආයෙමත් කල්පනාවක නිමග්න වුණා.

"මිස්ටර් කිම්ගෙයි ඩිරෙක්ටර් මින්ගෙයි යාලුකම නිසාද එතකොට ජන්ග්කුක්ට මේ චාන්ස් එක ලැබුනෙ? God, I hate that kind of people. ඒත් මිස්ටර් මින් ටැලන්ට් එකක් නැති කෙනෙක්ට එහෙම චාන්ස් එකක් දෙයි කියලා හිතන්නත් බෑ. මිස්ටර් කිම් කියන්නෙත් වැදගත් චරිතයක්. හ්ම්හ්, අපි බලමුකො මොකද්ද ඇත්ත කියලා ඉස්සරහට."

තවත් අඩ හෝරාවක් පමණ එවැනි සිතුවිලි අතරෙ අතරමං වෙලා හිටපු ටේහ්‍යොන්ග් අවසානයෙදි ඇඳෙන් නැගිටලා බාත්රූම් එකට ගියෙ පිරිසිදු වෙලා නින්දට යන අදහසින්.
.
.
.
.
.
.
.
.
.
.

"ඉතින් මොකද අද උනේ?" සේවිකාවන් විසින් සූදානම් කරපු කෑම මේසයෙන් අසුන් ගන්න ගමන් නම්ජුන් දැනටමත් ඔහු එනතෙක් සුපුරුදු අසුනේ වාඩිවී බලා සිටින තම බාල සොහොයුරාගෙන් විමසුවා.

"චිමී මාත් එක්ක තරහවෙලා.." බෝනිකි තොල් පෙරලගෙන කොල්ලා කියද්දි නම්ජුන්ගෙ ඇස් වල ආදරේ පිරුණු බැල්මක් නැගුනා.

කිම් නම්ජුන් කියන්නෙ ජන්ග්කුක්ගෙ අර්ධ සහෝදරයා. ජන්ග්කුක්ගෙ අම්මා එයා චූටි කාලෙදිම රෝගයකින් මිය ගියාට පස්සෙ ජන්ග්කුක්ගෙ තාත්තා ජන්ග්කුක්ව බලාගන්න ඕනෙ නිසාම තවත් කසාදයක් කරගත්තා. ඒ කෙනාගෙ පුතා තමයි කිම් නම්ජුන්. අවුරුදු පහක් උනු නම්ජුන් එදා ඉඳන් අවුරුදු දෙකක් උනු ජන්ග්කුක්ගෙ අයියා උනා. ජන්ග්කුක්ගෙ තාත්තා ඒ දෙන්නගෙම තාත්තා වෙද්දි නම්ජුන්ගෙ අම්මා ඒ දෙන්නටම අම්මා වුණා.

He's Trouble [Taekook] ✔️Where stories live. Discover now