35 කොටස

2.5K 274 12
                                    

දෙන්නම පහලට එන කොට මේරි හිටියේ තැඹිලි වතුර ලොකු ජෝග්ගුවකට දාලා විදුරු දෙකකුත් තියාගත්ත ට්‍රේ එකක් අරගෙන පඩිපෙළේ උඩට එන ගමන්..

"ලොකු බේබි.. මේං තැඹිලි.."

"මේරිලා බිව්වද..?" මිගාර කිව්වේ ට්‍රේ එක අතට ගන්න ගමන්..

"තව තියනවා ලොකු බේබි.. අපි කපාගන්නම්.."

"හරි.."

"ලොකු බේබි.."

"ඕ මේරි..?"

"හරිම ලස්සන පුංචි මහත්තයෙක්.. පින් පාටයි.." මේරි කිව්වේ අපුර්වගේ දිහා බලාගෙන..

"හ්ම්ම්.." ඒකට මිගාරගේ මූණේ තිබුනේ හරිම ලස්සන හිනාවක්.. අපුර්වත් පෙරලා හිනා වුනේ ඒකට කොහොම උත්තර දෙන්නද කියලා හිතාගන්න බැරුව. අපුර්වට උඩට එන්න කියලා සන් කරලා මිගාර ආයෙමත් පඩිපෙළ කැගගෙන උඩට ගියා..

"පුංචි මහත්තයා හැමදාම මෙහෙ එන්න.. අපේ ලොකු බේබි එතකොට හැමදාම හිනා වෙලා ඉඳීවි.." මේරි කිව්වේ අපුර්වට ලං වෙලා රහසක් කියන්න වගේ..

"ඇයි ලොකු බේබි තනියම ඉද්දි හිනා වෙන්නේ නැද්ද මේරි අම්මා..?"

"නැහැනේ.. ආං භාතිය මහත්තයයි ශාක්‍ය මහත්තයයි ආවාම නම් ටිකක් සතුටින් ඉන්නවා.. ඒ ඇර අනික් හැම වෙලේම පුම්බගත්ත ගමන්මයි.."

"ලොකු බේබි මේරි අම්මලාට සැර කරනවද ඉතින්..?"

"අනේ.. මගේ මේ ජීවිතේට ලොකු බේබි හ්ම් කියලා සද්දෙන් මට කතා කරලා නැහැ.. මන්දිරා මැණිකේගේ ගතිගුණ එහෙම් පිටින්ම පිහිටලා තියනවා.."

"එහෙමද..? මිගාර එයාගේ තාත්තා වගේ නෙවෙයිද..?"

"අපේ අප්පෝ.. පුංචි මහත්තයා.. මේ දෙවියෙක් වගේ ඉන්න අපේ ලොකු බේබිව යකෙක්ට සමාන කරන්නේ කොහොමද..?"

"ඇයි මෙවන් සැරයිද..?"

"මෙවන් කිව්වේ..?"

"ලොකු බේබිගේ තාත්තා.."

"පුංචි හාමු.. හ්ම්ම්.. යකෙක් ගානයි.. ලොකු බේබිට අනන්තවත් වද දෙනවා මගේ මේ පවුකාර ඇස් දෙකට බලන් ඉන්න සිද්ධ වෙලා තියනවා.. මේ නාකි මමත් මොනවා කියලා කරන්නද පුංචි මහත්තයෝ.."

ස්නේහ | CompletedWo Geschichten leben. Entdecke jetzt