eight

1.8K 171 147
                                    

ඒත්...,

හැමදාම වගේ මගේ වාසනාවේ ලොකු හිලක් තියන බව ඔප්පු වුනා...

මන් ජන්කුක්ගේ බෙල්ලට යන්තම් තොල තිව්ව විතරයි මතක ඊලග තත්පරේ මන් හිටියේ ජන්කුක්ගේ සද්දන්ත ඇගට යට වෙලා...







මගේ අත් දෙක ජන්කුක්ගේ අත් වලටත් මෙට්‍රස් එකටත් මැදි වුනා...ජන්කුක් මගේ ඇග දෙපැත්තෙන් කකුල් දාල මගේ මූණ දිහා බලාගෙන හිටියා...ඒ ඇස් ඩ්‍රග්ස් නිසාද මන්ද රතුම රතු වෙලා ලේ පාටයි....තියන කේන්තියෙ තරමට හකු පාඩ තද වෙලා බෙල්ලේ නහර ඉලිප්පිලා...ඒ මූණ යකෙක් ගෙ වගේ...ඒ ඇස් දිහා තවත් බලාගෙන ඉන්න බැරි වුන තැන මන් ඇස් තද කරල වහගත්ත....





මට කොතනද වැරදුනේ?ජන්කුක්ට දීපු ඩොස් එක මදිද? ඒත්...ඒත් එහෙම වෙන්න විදියක් නෑ....මොන මගුලක් හරි...මේ යකා කොහොමද සිහියෙන් ඉන්නේ?





"ආවුහ්..."




මට කෙදිරි ගෑවුනා...ජන්කුක්ගේ අත් වලට හිර වෙලා තිබුණු මගේ අත් දෙකේ මැණික් කටු තව තව ඒ අඩු වගේ අත් වලට හිර වෙද්දී මට කෙදිරි ගෑවුනා...





මට හෙලවෙන්න පුලුවන්ද කියල බලන්නවත් හෙලවෙන්න මට බැරි වුනා...තත්පර ගානකට මට දැනුනේ මන් නිකන් පැරලයිස් වෙලා වගේ...ජන්කුක්ව තල්ලු කරල දාන්න තරම් හයියක් මට තියනවා කියල විශ්වාස උනත් මගේ ඇග මට ඕන විදියට වැඩ කරේ නෑ....ජිවිතේ කවමදාකවත් දැනිල නැති තරම් බයකින් මගේ හැම මුවුමන්ට් එකක් ම නවත්තල තිබ්බ....





ඔව් මට බයයි...ජන්කුක් කියන්නේ මොන වගේ යකෙක්ද කියල දැනදැනත් මන් කොහොමද මෙච්චර මෝඩ වැඩක් කරන්න හිතුවේවත්....





ඒත් මේක වරදින්න විදියක් නැහැ....

හැමදේම තිතට ප්ලෑන් කරලා කරත් අන්තිමේදී....ෂිට්...අන්තිමේදී ඒ හැමදේම ෆේල්...එක්කෝ ජන්කුක් මුල ඉදන්ම දැනගෙන හිටිය වත්ද?







තවම ජන්කුක් එක වචනයක් වත් කතා කරේ නෑ...ඒකා දිගටම මගේ මූණ දිහා බලාගෙන ඉන්නවා කියල මන් ඇස් වහගෙන හිටියත් මට තේරුණා...





මගේ බෙල්ලට ජන්කුක්ගේ හුස්ම වල රස්නේ දැනෙන තරමට එයා මට ලං වුනා...මට එක දෙයක් හොදටම පැහැදිලියි...අද මන් ඉවරෙටම ඉවරයි...






𝐎𝐧𝐥𝐲 𝐅𝐫𝐢𝐞𝐧𝐝𝐬ₖₒₒₖᵥWhere stories live. Discover now