36 කොටස

2.3K 283 32
                                    

"324 අනේ.."

"නැහැ බබා 423"

"මම දැන් සැරයක් කිව්වනේ 324.."

"මට හොදටම මතකයි 423.."

"තමුසෙගේත් පණ්ඩිතකමනේ.. හොයාගන්නවකෝ එහෙනම් ගිහින්.."

"දැන් මොකද ඔයාට ඕකට තරහ ගිහින්.. එක පාරක් වැරදුනා කියලා අවුලක් නැහැ බබා... අපි අපිනේ.. මම ඔයාට හිනා වෙන්නේ නැහැ.."

"අනේ මිගාර මේ.. වාහනේ නවත්තපු පාර්කින් ස්ලොට් එක හොයාගන්න බැරි මිනිහෙක් එක්කනේ දෙයියනේ මම මගේ ජිවිතේ ඉතිරි කාලේ ගත කරන්න හිතන් ඉන්නේ.. හැබැයි ඕක 423 තිබ්බේ නැත්තම්.. කරන්නම්කො මම හොද වැඩක්.. කකුල් දෙකත් රිදෙනවා මිනිහෝ මේකේ ඇවිදලා.."

"මොකද නැත්තේ.. මට හොදටම ෂුවර් ආයේ දෙකක් නැහැ.. මමනේ කියන්නේ එන්නකෝ යන්න ඔයා මාව විශ්වාස කරලා.." මිගාර දෙපාරක්ම තමන්ගේ අත ගසලා දාපු අපුර්වගේ අත ආයෙමත් බලෙන්ම අල්ලගෙන ඉස්සරහට ඇවිදගෙන ගියා..

"420.. 421.. 22.... 23..!!! කෝ.. කෝ..? කෝ කියපිය දැන් වාහනේ..? ඇත්තමයි මිගාර මට තමුසෙගෙ පණ්ඩිතකමට දෙන්න හිතෙනවා ඔලුව ගැලවිලා යන්න.."

"මෙතනනේ බබා මම වාහනේ ගැහුවේ.."

"මෙචන..? මෙචන තමයි.. වරෙන් යන්න 324 බලන්න.."

"මට ෂුවර් බබා 324 නම් නෙමෙයි කීයටවත්.."

"වුබර් කට වහගෙන වරෙන්.. මේක වුබේ ඔෆිස් එක නෙමෙයි ගන්න ගන්න හැම ඩිසිෂන් එකම හරි යන්න.. වාහනේ 324 තිබ්බේ නැත්තම් මම රෙදි ගලවලා මෙතන ඉදන් ගෙදර වෙනකන් ඇඳුම් නැතුව පයින් යනවා.. මට ඒ තරමට විශ්වාසයි ඒක.."

"අහ්ම්.. අනේ මන්දා මගේ හිත කියන්නෙම 324 නෙමෙයි කියලා.."

"මිගාර..!! කට වහගෙන එනවා.. මගේ කකුල් දෙකම රිදෙනවා පිස්සෙක් වගේ වාහනේ හොයා හොයා මේ අටමගලේ ඇවිදලා.. අම්මපා මේ පාර්කින් එක ඩිසයින් කරපු එකාගේ ආච්චිට..!! ආයේ වාහනේ නැවත්තුවම නවත්තපු තැන ස්ලොට් නම්බර් එක ෆොටෝ එකක් ගහගන්න.." අපුර්ව තනියම කියව කියව ස්ලොට් නම්බර් බල බල ඉස්සරහට ගියා..

"හ්ම්ම්.. බබා.."

"කට වහන් එනවාකෝ.."

"බබා..."

ස්නේහ | CompletedTempat cerita menjadi hidup. Temukan sekarang