37 කොටස

2.3K 274 39
                                    

අපාර්ට්මන්ට් එකට එද්දී හවස් වෙලා තිබුනා.. අද රෑ භවන් එක්ක Honey Beach යන්න ඕන. අද මූ මොන රෙද්දක් නටයිද දන්නේ නැහැ..

අපුර්ව සචින්ට විස්තරේ කියන්න ඊයේ උදේම කෝල් එකක් ගත්තාම ඌ කිව්වෙත් එදා කැම්පස් එකේ වෙච්ච එක අද ලයිව් බලන්න පුළුවන් වෙයි කියලා.. ඒ අතරේ මිනිහා අපුර්වගෙන් එදා භාතිය එක්ක හිටපු ගර්ල් කවුද කියලා ශේප් එකේ ඇහුවාම අපුර්වට හිනා ගියේ ඉබේටම.. මුන්ගේත් බොරුවනේ.. අවුස්සන්නත් එක්කම 'ඇයි උඹම ඊයේ එන්ජෝයි ද ඩබල් ඩේට් කියලා කෝල් එක තිබ්බේ දැනගෙන නෙමෙයිද' කියලා ඇහුවාම ඌට මලපැනලා 'හැම හුත්තාම එකයි' කියලා කිව්වේ ඇයි කියලා ඌම තමයි දන්නේ.. කොහොම හරි අපුර්වයි සචිනුයි දන්නේ අද ශාක්‍ය හරි භවන් හරි දෙන්නගෙන් එක්කෙනෙක් ටක්කෙටම සප්‍රයිස් වෙනවා කියලා විතරයි.. ඉතිහාසය නැවත ලියැවේවිද..? ඒක තමයි දෙන්නටම තිබ්බ ප්‍රශ්නේ.

Honey Beach එකට කලින් යන්න ඕන කියලා මිගාර භාතියත් එක්ක ගියේ ශාක්‍ය ට මොනවා හරි උදව්වක් ඕනද කියලා බලන්න.. අපුර්වට වාහනේ එලවන්න එපා කියලා මිගාර මගින් මගටම කියපු නිසා අපුර්ව භවන්ට එයාව ගන්න එන්න කියන්න භවන්ට කෝල් කළා..

"මචං.. උඹේ වාහනේ වරෙන් මාව ගන්න.. මිගාර මැරෙන්න හදනවා මට ඩ්‍රයිව් කරන්නෙපා කියලා.."

"එල.. මම එන්නම්.. 7.30ට වගේ අවාම ඇතිනේ..?"

"ඔව්.. ඔව්.."

"එල.."

"අඩෝ මේ.."

"කියපන්.."

"අලුත් ටික්ටොක් ට්‍රෙන්ඩ් එකක් දැක්කා.. ආතල් එකට ෆුල් වයිට් ඇදන් යන්ද???"ශාක්‍ය භවන්ට සුදු අන්දවාගෙන එන්න කියපු නිසා අපුර්ව ශේප් එකේ ටොපික් එකට එන්ටර් වුනා..

"ෆුල් වයිට්..?"

"ඔව්.. මාත් අදින්නම් උඹත් ඇදපන්.. හාද..?"

"හා.. වයිට් ටී ෂර්ට් එකයි ෂෝර්ට් එකයි.. එහෙනම්.."

"එපා..!!!" ෂෝර්ට් එකක් ඇන්දොත් මල හත්තිහුත්තක් වෙන්නේ..

"මොකද යකෝ.. මාවත් ගැස්සිලා ගියා.."

"නෑ.. නෑ.. ෂෝර්ට් සෙට් නැහැ..."

ස්නේහ | CompletedOù les histoires vivent. Découvrez maintenant