"කොල්ලෝ ගෙට ආවනන් "
හැන්දෑවේ පාට මැකිලා යන වෙලේ ඉස්තෝප්පුවේ ඉදන් මම මග බලන් උන්නේ අන්දර යාය ගාවට හද පායනකල්.හදක් කීවට ඒ මනුස්සයා පින් කදක්.මට ජීවත්වෙන්න හුස්ම දුන්නට ඒ ඇත්තට අනේක වාරයක් පින්.ඉතින් එහෙම මනුස්සයෙක් එනකල් මග බලන් උන්නට මක්ක වෙනවද අම්මේ කියලා අහන්න හදලත් මම කට පියාගත්තා.අම්මාත් නොදන්නවා නෙමෙයි "සත්සර "මහත්තයා නිසා අද මම හුස්ම ගන්න විත්තිය"මොකෝ මහත්තයා නෑද බන්?""
" මහත්තයා නැති පාටයි අම්මේ"
අම්මා ඉස්තෝප්පුවෙ ඉදන් මිදුලට බැස්සා.වටපිට දෙපාරක් බලලා අම්මා ගෙට ගොඩ වුනේ නෑ කියලා ඔලුව හොල්ලන ගමන්.ඇස් දිගේ ලාවට කදුලු එන්න වගේ දැනුනත් මම ඒක වහගත්තා.මහත්තයා නාවට අඩන්න මම මහත්තයාගේ කවුද ?.ඒත් ඒ ඇස් නොපෙනෙන කොට මොකක්දෝ මන්දා හේතුවකට ඇස් තෙමෙනවා.
මීට මාසෙකට එපිටදී මම වෙලේ ඇල්ල ලග හිටගෙන ඉන්නකොට කවුදෝ මනුස්සයයෙක් මගේ අතින් අල්ලගත්තා.මට තාමත් මතකයි ඒ අතේ තිබුන ගැහෙන උණුසුම.ඒ තරහෙන් රතුවුන ඇස් ! ඒ බර වචන.මොකක්දෝ පිනකට මම ඒ වචනවලට කන් දුන්නා
"මොකද මේ පනින්නද හදන්නේ ආ?"
නිදහස් වෙන්න !මට ඕනි වුනේ නිදහස් වෙන්න.සියදිවි නසාගැනීම මහා පාපයක් බව දැන දැනත් මට ඕනි වුනේ නිදහස් වෙන්න.මොන අපායකට ගියත් මේ අපායෙන් නිදහස් වෙන්න කියලා හිත හදාගත්තේ කරන්න දෙයක් නැති අසරණකමට.සමහර මිනිස්සුන්ට වගේ සුරසැප තියන ජීවිතයක් මට නැති නිසා මට පෙනුන එකම විසදුම මැරෙන එක
කොහොම හරි එදා මම ඒ විදිහට නිදහස් නොවී වෙන විදිහකට නිදහස් වුනා.එදා පාන්දර ඇල්ල ලගදී මහත්තයා කීව වචන බෙහෙත් වගේ හිතේ ලෙඩ නිවනකොට මට මතක් වුනේම ජීවිතේ ලස්සන.මොන ප්‍රශ්න තිබුනත් මේකේත් මොකක්දෝ නොතේරේන ලස්සනක් තියෙනවා.ඒ ලස්සන නිසා මිනිස්සු ජීවත් වෙනවා.මහත්තයා කීවා වගේ මේක විදින්න තියෙන ජීවිතයක්
"සියදිවි නසාගැනීම කොහෙත්ම සාදාරණීකරණය කරන්න බෑ තිහස් "
කොහොම දැන ගත්තාදෝ අදහසක් නැති වුනත් මහත්තයා මගේ නම දන්නවා.සමහර විට කවුරැහරි කියනවා ඇහෙන්න ඇති , ඒත් මහත්තයා මගේ නම දැනගැනීම අදටත් අබිරහසක්.කොහෙන් හරි ඇහෙන්න හරි.