Last chapter

531 64 14
                                    

පාන්දර තුනත් පහු වෙද්දි සාමකාමීව තිබුන පරිසරය එකම යුද්ධයයි. අකුණු ගහන ලොකු වැස්සක් ඇද හැලෙන්න පටන් ගනිද්දි කුණාටුවක් හා සමානවම හුළං හැමුවා. ගස් ඇඹරිලා යන තරමටම හුළඟ ගොඩක් ජවසම්පන්නයි.

ඒ මහ කුණාටුවට අභියෝග කරන්න වගේ පාලනයක් නැති ඩිෆෙන්ඩර් එකක් සෝල් පැත්තට වේගෙන් ගමන් කරා. වාහනය අරගෙන යන කෙනාට කිසිම පාලයක් නැහැ.
ස්ටෙයාරින් වීල් එක අල්ලගෙන ඉන්න ඒ අත් පවා එක දිගට වෙව්ලුවා. නලලෙන් බේරුන දාඩිය මූන දිගේ ගලාගෙන ඇවිත් ශර්ට් කොලර් එක ළඟින් තවත් පහලට ගලාගෙන ගියා.

වැස්ස තවත් තද කරද්දි ඒ කෙනාගෙ කකුල ඇක්සලේටර් එක උඩ තවත් තද වුනා. යන්න පුළුවන් උපරිම වේගෙන් ඩිෆෙන්ඩර් එක ගමන් කරා.

අවසානයේ කෑලෑබද පාරකින් ඉස්සරහට ඇවිත් අන්තිමට ඩිෆෙන්ඩර් එක නතර වුනේ ගල්තලවක් එක්ක තියෙන ලොකු ගහක හැප්පිලා.



නලල ස්ටෙයාරින් වීල් එකේ වැදෙන්නම ටේහ්‍යුන්ව ඉස්සරහට විසි වුනා. වින්ඩ් ස්ක්‍රීන් එක සම්පූර්ණයෙන්ම කුඩු වෙලා ගිහින් වීදුරු කෑලි ටේහ්‍යුන්ගේ ඇඟට විසි වෙද්දි ටේහ්‍යුන්ගෙ ඇඟේ තැන් තැන් වල වීදුරු කටු ඇනිලා තුවාල වුනා.

ඒත් විනාඩියක්වත් ඉන්නේ නැතිව ටේහ්‍යුන් වාහනෙන් එලියට බැස්සා. තිබුන කලබලකාරි ගතියට වාහනෙන් බහිද්දිම ටේහ්‍යුන් කකුල් පැටලිලා ඇදගෙන වැටුනා.

ටේහ්‍යුන් හරියට මත් වුන මනුස්සයෙක් වගේ.

ඒත් ඇල්කොහොල් වලින් මත් වුන මනුස්සයෙක් වගේ නෙමෙයි. පපුව පැලිලා යන තරමේ වේදනාවකින් මත් වුන මනුස්සයෙක්.
ඔළුවේ නහර පවා එකට ගැට ගැහිලා පුපුරන යන තරම් වේදනාවකින් මත් වුන මනුස්සයෙක්.

බිම ඇදන් වැටුන ටේහ්‍යුන් බිම දිගේම රූටලා ඇවිත් වාහනේ රෝදෙකට හේත්තු වුනා. ටේහ්‍යුන් හුස්ම ගත්තේ හරියට හුස්ම හිරවෙද්දි අමාරුවෙන් හුස්ම අල්ලන්න දගලන මනුස්සයෙක් වගේ. ඒ අස්සෙන් එක දිගටම පොකට් එකේ තිබුන ෆෝන් එක වයිබ්‍රේට් වෙනවා දැනෙද්දි ටේහ්‍යුන් ෆෝන් එක අතට ගත්තේ පොලොවේ ගහන්න හිතාගෙන වුනත් කෝල් එක ජිමින්ගෙන් කියලා දකිද්දි ටේහ්‍යුන් දෙපාරක් නොහිතා ෆෝන් එක ආන්ස්වර් කලා.

𝐇𝐞𝐚𝐫𝐭𝐥𝐞𝐬𝐬 | 𝐓𝐤  ✔ Where stories live. Discover now