38 කොටස

2.3K 271 13
                                    

ප්‍රපෝසල් එකෙන් පස්සේ මාස දෙකක් තිස්සෙම කට්ටිය කලේ වෙඩින් එකට ලෑස්ති වුන එක. ලංකාවේ නීතියෙන් තහනම් හින්දා කොහොමටවත් මේක ලංකාවේ කරන්න වෙන්නේ නැති නිසා වෙඩින් ඩෙස්ටිනේෂන් එක වුනේ Italy. ශාක්‍යට හිතුන හිතුන වෙලේට නිවාඩු ගන්න බැරි වුන නිසාත් ලෝකේ වටේම කරක් ගහලා පුරුදු නිසාත් Italy යන යන පාරට භවන් සචින්ව උස්සන් ගියා. හරියටම කිව්වොත් මේ මාස දෙකම සචින් හිටියේ භවන් එක්ක. තවම වෙඩින් ලොකේෂන් එක හරියටම ෆික්ස් කරලා නැත්තේ අපුර්වත් එක්කන් ගිහින් එයා හිතාගෙන ඉන්න ලොකේෂන් තුනම පෙන්නලා අන්තිම ලොකේෂන් එක තෝරාගන්න භවන් හිතන් හිටපු නිසා.

"කෝ මට කියපන්කො ඔය තැන් තුන ගූගල් කරලාවත් බලන්න.."

"බෑ බෑ.. ගිහින්ම බලමු.. උඹ ලෑස්ති නේ? මචන් මම ආයේ කියන්නේ නැහැ.. අනිද්දා උදේ තුන වෙද්දී මම උඹව ගන්න එනවා.. 6.30 ෆ්ලයිට් එක.."

"භවන් මම උඹට කිව්වා කියලා හිතාගනින්.. උඹ වෙලාවට වරෙන්කො සේරටම කලින්.. උඹනේ පරක්කු වෙන්නේ.."

"භවන්, අපුර්වට කියපන් ලොකේෂන් තුන.. විස්තර බලාගෙන යන එක කෝකටත් හොදයි.." සචින් කිව්වේ දැනට පැය තුනක් තිස්සේ යන මේ ගෘප් කෝල් එකේ මුල්ම වතාවට කතා කරන ගමන්..

"අයියෝ අප්පා.. එතකොට වැඩක් නැහැනේ.."

"ඔන්න ඕක කියපන් භවන් මම මෙහෙමම බලන්න.."

"හුහ්.. ෆන් එක කනවා උඹලා.. Villa Catignano, Masseria Grieco, Castello Visconteo.. ඔය ටික බලපන්.."

"අපේ තීම් එක රස්ටික් නේ.. ඒකට මැච් වෙන්නේ ම්ම්.. Masseria Grieco.. ඉන්න ඒත් මම ගූගල් රිවිව් එහෙම බලන්නම්.."

"හ්ම්ම් බලපන්.. දෙවින් අයියා හැබැයි පව් මචන්.. පොඩි කලේ ඉදන් එයාගේ ආසාව තිබිලා තියෙන්නේ Trinity Chapel එකේ සෙරමනි එක ගන්න.."

"අනේ මචන් කතා කරන්න එපා.. ලංකාවේ පකේ ලොජික් මතක් වෙද්දී මට මල යකා ආවේස වෙනවා.." සචින් කිව්වේ භවන් අවුලෙන් කියලා තේරුණ නිසා..

"ට්‍රිනිටි සෙට් එක මචන් හෙන සීන් එකේ ඉන්නේ ඔය චැපල් එකට.. පවු තමයි.. ඌ ඉස්කෝලේ ගිය අවුරුදු 13 තිස්සෙම ඕකේ වෙඩින් ගන්න ගන්න සැරේට ඌ හිතන්න ඇතිනේ මාත් ඕකේ සෙරමනි එක කරනවා කියලා.."

ස්නේහ | CompletedDonde viven las historias. Descúbrelo ahora