40 කොටස

2.6K 275 10
                                    

"අඩෝ bachelor පාර්ටි නැතුව වැඩක් නැහැ යකෝ.." සචින් කිව්වේ වීඩ් එකේ අන්තිම උගුර අදින ගමන්..

"ඉතින් ඒක තමයි මමත් කියන්නේ... කරමු.. ඒත් කොළඹ බැහැ.. වෙන කොහේ හරි යමන්.. අපුර්වයා තැනක් බලපන්කො.."

"ඕන තැනක යමන් හැබැයි වීකෙන්ඩ් එකේ ආහ්...."

Italy ගිහින් ඇවිල්ලත් දැන් සති තුනකට කිට්ටු වෙන්න එනවා.. තව මාස දෙකකින් වෙඩින් එක.. කට්ටියම දැන් හෝ ගාලා වෙඩින් ප්ලැනින්. අවුල්ම වැඩේ කියන්නේ මාස නවයකින් ඉවර වෙන්න ඕන අපුර්වගේ ප්‍රොබේෂන් තව මාස හයකින් දික් වුනේ ගත්ත නිවාඩු වැඩි වුන නිසා.. නිවාඩු ගත්තේ සාධාරණ හේතුන් මත නිසා ප්‍රොබේෂන් එක තව දික් කරන්න එපා කියලා ජිතේන්ද්‍ර පරාක්‍රමගෙන් රික්වෙස්ට් කරලා පරාක්‍රම ඒක අපෘව් කරලා තිබ්බත්, මිගාර ඒක රිජෙක්ට් කරලා තිබුනා.. ඉතින් හෙඩ් රිජෙක්ට් කරපු නිසා ප්‍රොබේෂන් එක වැඩි වුනා. ඉතින් දැන් අපුර්ව වැඩිය නිවාඩු නොගෙන ඉන්න පරිස්සම් වෙනවා.. ඒ නිසාම කරන මගුලක් සති අන්තෙට දාගන්න තමයි අපුර්ව ට්‍රයි කරන්නනේ..

"මචන් මුගේ බර්ත්ඩේ එක එනවා.." භවන් කිව්වේ ළඟ තිබ්බ බියර් කෑන් එක සචින්ගේ දිහාවට දික් කරන ගමන්..

"ආහ්.. ආහ්.. අපුර්වයා.. හැපී බර්ත්ඩේ.."

"ලබන සතියේ යකෝ.. උඹට වැදිලද ඉන්නේ..?"

"හම්මට.. සමාවෙයන්.."

"මේ.. මම නිදාගන්න යනවා.. නැත්තම් හෙට වැඩට යන්න වෙන්නේ නැහැ මට.. උඹලා කාලා බීලා ඇඳට වරෙන් ආහ්..

එල.. හැපී බර්ත්ඩේ මචන්.."

"අනේ මෙන්න මූට දැන් ඇති බං.. මූව නිදිකරවපන්.." කියාගෙනම අපුර්ව කාමරේට ගියේ තව පරක්කු වුනොත් හෙට නැගිටින්න බැරි වෙන බව දැනගෙන..

සමහර කාල වලට දවස් කොහොම ගෙවෙනවද කියලා හිතාගන්න බැහැ.. ඇහිපිය ගහන සැනින් සතියක් ගිහින් ඉවරයි.. සමහර කාල වලට වෙලාව යන්නේ පුදුම හෙමින්.. උදේ නවයට පටන් අරන් පැය හතරක් පහක් වැඩ කරලා ඉවර වෙලා වෙලාව බලද්දීත් තවම උදේ නවයහමාරයි.. කාලය කියන්නේ එක්කෝ සාපේක්ෂ දෙයක්.. ඒක තියෙන්නේ අපේ හිතේද කොහෙද.. ඉතින් ගෙවුන සතියත් කොච්චර ඉක්මනට ගෙවුනද කියලා හිතාගන්න බැරි තරමට වේගෙන් ගෙවිලා ගියා.

ස්නේහ | CompletedDonde viven las historias. Descúbrelo ahora