1 පිටුව

37 1 0
                                    

        ආසියා........

1 වන කොටස

වර්තමානය(-සෝල් -කොරියා)

"මීට දින කිහිපයකට පෙරාතුව  සෝල් නගරයේ mssc බැංකුවේ පුධාන සේප්පුව කොල්ලකෑම සම්බන්ධයෙන් තවමත් කිසිවෙකුත් අත්තඩංගුවට ගෙන නොමැත. එහි ප්‍රධාන කලමනාකරු අප හමුවේ කියාසිටියේ සැකකරු සොයා තවමත් රට පුරා මෙහෙයුම් පවතින බවයි..  මේ ගත වූ මාස පහ තුළ වාර්තා වූ සිව්වන බැංකු මංකොල්ලයයි.  ඒ සියලුම බැංකු එකම අයිතිකරුවෙකු වන ශිම්චම් මහතා සතුව පැවතීමත් විශේෂයකි. අවසාන වශයෙන්  සිදු වූ මංකොල්ලය සම්බන්ධයෙන් අපි කල කරුණු වීමසීමේදී පොළිස් පරීක්ෂක පාර්ක් ඕගම් මහතා ප්‍රකාශ කලේ සුපුරුදු පරිදි රන් පැහැති ආසියා කාඩ්පත හැරුණුකොට වෙනත් කිසිදු සාක්ෂියක් නොමැති බවයි"

රූපවාහිනී තිරය දෙසම උවමනාවෙන්  බලාගෙන සිටි මම රූපවාහිනීය ක්‍රියා විරහිත කරන්නට වුනා. ටීපෝ එක මත තබා උන් කකුල් සෝෆා එක මතට ගෙන වකුටු වී පොරෝනය පෙරවගත්තේ ඇහැපියාගැනීමේ අදිටනින්.... තත්පර විනාඩි වී
කාලය කෙමෙන් කෙමෙන් ගත වුනේ සුපුරුදු පරිදි අදත් මම නිදිවර්ජිතව ගතකරමින්... මෙතෙක් වෙලා සිවිලිම දෙස බලා වුන් මම නාද වන එලාම් ඔරලෝසුව තදකරමින් නැගිට්ටේ හිරි අරිමින්....

සුපුරුදු පාර දිගේ උසට නැගුනු ගොඩනැගිලි අතරින් මම ඉදිරියට ඇදුනේ අයිස් කොෆී එකක් තොලගාමින්...

"හ්ම්... ෂා.... නිදිමත කොහෙන් ගියාද නෑ"

මගේ ශක්තිජනක පානය වුනු කැෆේන් බදුන දෙස බලමින් මම මටම මිමිනුවා .

මම සේවය කරන  සෙන්සිල් රෝහලට ඇතුල් වූ මම දිගඅඩි තබමින් යන්නට ගියේ පිළිගැනීමේ කාර්‍යමණ්ඩලයටද ආචාර කරමින්..

"ඔහ්... සඩීව් ඔයා ආවද... සුභ උදෑසනක් "

"අයියෝ... කී පාරක් කිව්වද අනේ... මං සදෙව්... නැතුව සඩීව් නෙමේ"

"හරි හරි මොකක් හරි"

මම මූණ හකුලගෙන සෝපානයට ගොඩ වුනා...

"ඇයි මු.න්.ට බැරි  තාම මගේ  නම හරියට කියන්න..."

සේවක විවේකාගාරයට ගොස් නිලඇදුමට මාරු වූ මම කඩිමුඩියේ දුව ගියේ රෝගී කාමර වෙතයි. රෝහල් සාත්‍තු සේවකයෙක් උනු මම වෙහෙස මහන්සි වී වැඩ කටයුතු සිදු කලේ කැමැත්තෙන්.
පැය 12 ක සේවයෙන් පසු මම නිවසට පැමිණියේ භාගෙට හෙම්බත් වීයී... උණු වතුරෙන් නා ගත් මම දුම් දමන රාමේන් වදුනත් උණු කෝපි කෝප්පයත් රැගෙන සෝෆා එක මතින් හිද ගත්තේ හරිබරි ගැහෙමිනි. පසෙක තිබූ දුරස්ථපාලකයෙන් රූපවාහිනීය කරන අතරතුර මම රාමේන් කටක් රස බැලුවා ... රසවින්දන වැඩසටහනක් නරඹමින් ආහාර ගත් මම රාමේන් බදුනෙන් දෑස් අහකට ගත්තේ සවනත වැකුණු වදන් සමගිනි.

ආසියාМесто, где живут истории. Откройте их для себя