41 කොටස

2.3K 281 25
                                    

මිගාර උදේම නැගිට්ටේ ඔෆිස් යන්න පරක්කු නිසා. අපුර්ව තවම හොදටම නිදි. නැගිට්ටවන්න ලෝබ කමේ සද්ද නොකරම නැගිටලා වොෂ් දාගත්තේ දෙන්නගෙම ඇදුම් අයන් කරලා දාන්න. විනාඩි විස්සක් විතර යද්දී අපුර්ව නැගිටින සද්දේ ඇහිලා කාමරේට ආවත් මිගාරට හිනා ගියේ පිස්සෙක් වගේ කොන්ඩෙත් අවුල් කරගෙන ඇඳ උඩ වාඩි වෙලා මොන ලෝකෙද මේ ඉන්නේ කියලා තේරුම් ගන්න උත්සහ කරන අපුර්වව දැකලා.

"තාත්තා.." අපුර්ව නිදි විකාරෙන්ම කියද්දී මිගාර ගැස්සිලා ගියා.. ඩිම් කරලා තිබ්බ ලයිට් එකත් ෆුල් දාලා එයා අපුර්ව ගාවට ගියේ ලැස්ති වෙන්න තව ටික වෙලාවක් ඉතුරු වෙලා තියන නිසා පොඩ්ඩක් තුරුල් කරගන්න හිතාගෙන..

"බබා.."

"ම්හ්හ්.. දොයිමතයි.." අපුර්ව කිව්වේ මිගාරගේ නිරුවත් පපුවේ ඔලුව ඔබාගෙන..

"ඇඟ රිදෙනවද..? මම කිව්වනේ බබා ඕක කරන්න හදද්දිම.."

"අනේ... මේ කරානේ මගුලක්.. ඕක එතන ගාවලා ගත්තාම මගේ ඇඟ රිදෙන්න මොකද ඕක ගිනි පෙනෙල්ලක්ද..?" නිදි විකාරෙන්ම අපුර්ව මිගාරගේ පපුව හැපුවේ තරහින්..

"හ්ම්ම්.. හ්ම්ම්.. හරියට කරපු දවසකත් ඔයාගේ කට ඔහොමම තියෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.."

"ආහ්.. උඹ හරියට කරලා ඉදපන්කෝ මුලින්ම.."

"හ්ම්ම්.. බබා.."

"මිගාර.. කියන තැනකට වදින්නම්.. උදේ පාන්දරම පටන් ගන්න එපා..!! මට.. ඔයාව.. වදයක්.. නෙමෙයි..!!! තවුසේ ඕක ආයේ එක සැරයක් හරි ඇහුවොත්.. මම ඇත්තමයි යනවා යන්න ඔලුව හැරුන අතේ.."

"එහෙනම් එහෙම උනොත් ඔලුව මගේ පැත්තට හරවගන්න.."

"වුබර්ට ආතල්ද..??"

"බබා.. විහිලු නෙමෙයි.. ඇඟට අමාරු නම් නිවාඩුවක් දාන්න..?"

"ආහ්.. ඇයි ඇයි.. තවුසේට මගේ ප්‍රොබේෂන් ආයේ දික් කරන්නද? මේ පාර නම් මම ඒක සිද්ද වෙන්න දෙන්නේ නැහැ.. හොදින් හෝ නරකින් මම ප'මනන්ට් වෙනවා.. නිවාඩු ගන්න යැයි යැයි තමයි.. තුරු සුනකයා.."

"ඒක කම්පනි රූල් එකක්නේ බබා ඉති--" මිගාර මුනත් බෙරි කරන් කියද්දීම..

ස්නේහ | CompletedTempat cerita menjadi hidup. Temukan sekarang