Epilogue

1.3K 236 398
                                    

වර්තමානය

සතියක් ගෙවී ගිහින්, එයාගෙ මේට් මුණගැසීමේ ප්‍රමාදයෙන් හිත් තැවුලෙන් සිටි ටේවොන්ට කිම් අධිරජුගේ ආදර කතාවෙන් හිත හදාගැනීමට එයාගෙ සීයා ඒ ලස්සන ආදර කතාව එයාට කියලා සතියක්ම ගෙවී ගිහින්.

ඒත් ටේවොන්ගේ හිත ඉන් සැනසුනාද?

නෑ, එයාව ඉන් තවත් අවුලකට පත් කර තිබුනා.

මේ මොහොතේ පවා කුමක් දෝ හිස් බැල්මකින් එයා ඒ අලංකාර ලිලී මල් කැටයම් කල සොහොන් කොත දිහා ඔහේ බලා හිඳියා.

වත්මන් සෝල් නගරයේ දකුණින් ඇති බුකන්සන් කන්දේ පිහිටි රාජකීය සුසාන භූමියේ මිහිදන් කර ඇති හත්වන කිම් අධිරජු සහ එතුමාගෙ පවුලේ සුසාන භූමියේ ටේවොන් දැන් හෝරා කිහිපයක් තිස්සේ කලේ මේ අලංකාර ලිලී කැටයම් සහිත අධිරජුගෙ මේට්ගෙ සොහොන් කොත දිහා බලන් හිටපු එක.

එයා වටේ කොතරම් පිරිසක් මේ ස්ථානය නැරඹීමට පැමිණ සිටියත් ටේවොන්ට ඒ වගක් නෑ. එයාගෙ එක් අතක සීයා එයාට දුන් රාජකීය පවුලේ ඡායාරූපයක් ගුලි වී තිබුනා.

එයාගෙ වෙව්ලන දෙනෙත් තවත් මොහොතකට ඒ ඡායාරූපයට යොමුවුනා. එයාට සිහි වුනේ මින් සතියකට පෙර සීයා එයාට කතාව කියා අවසන් කල මොහොත.
.
.
.
"ඉතින් එතුමාට මේට්ව පරක්කු වෙලා හම්බවුනත් ඒ වගක් මතක් වෙන්නෙ නැති තරමට එයාලා සතුටින් කාලය ගත කලා. එතුමා විතරක් නෙමෙයි සියවස් ගණනාවකට පස්සෙ අපිත් දැන් නිදහසේ හුස්ම ගන්නවා, එතුමත් එතුමාගෙ දෙමුහුම් ඔමේගත් නිසා."

සීයා කිව්වේ කිම් අධිරජුගෙ වගේම එතුමාගෙ ආදරණීය ඔමේගාගෙ ආදර කතාව අහලා සංවේදීව ඉන්න එයාගෙ මුණුබුරා දිහා සීයා බලන්.

මේසය මත තිබූ ටේවොන්ගේ බාගෙට අවසන් වී තිබූ තේ කෝප්පය එයාට කතාව ගැන තිබූ අවධානය පෙන්නුම් කලා.

"බ-බලන්න ආසයි, එ-එයාව." ටේවොන් වෙව්ලමින් හුස්මක් පිටකර මිමිණුවා.

"කාවද?"

"කිම් ජන්ග්කුක්, අධිරජුගෙ ඔමේගාව." ටේවොන් කිව්වම සීයා මදහසක් නැගුවා.

"ඔයාගෙ වාසනාවට මං ගාව රජ පවුලෙ පින්තූරයක් තියෙනවා, ඔහොම ඉන්නකො." කිව්ව සීයා එතනින් නැගිට ගියා.

Prohibition Of Empire 👑✨️ || (Complete)Where stories live. Discover now