7.45 වෙද්දී අපුර්වගේ අපාර්ට්මන්ට් එක ගාවට ආවේ භාතියගේ උවමනාවට.. සචින් නම් 7 වෙද්දීවත් නැගිටලා තිබ්බේ නැහැ..එයාගේ බෑග් එකේ අමුතුවෙන් අස් කරන්න දෙයක් නැහැ එයා සේරම දාගෙන ආවේ කියලා ලොකු කම කියෙව්වත් භාතිය ඒ බෑග් එකේ එකින් එක එලියට අරගෙන බැලුවේ දවස් දෙකකට හරි යන්න දේවල් තියනවාද කියලා තහවුරු කරගන්න. සචින් කිව්වත් වගේ සේරම ගෙනල්ල තිබ්බේ භාතියට වෙනමම ටූත් බ්‍රෂ්, බොක්සර්, ජැකට්, ෂූස් වගේ දේවල් ඒ බෑග් එකට දාන්න වෙද්දී..
"මචං..!!" එක අතකින් අපුර්වගේ අත අල්ලගෙන ඉතුරු අත සචින්ගේ බෙල්ල වටේ අත දාගන්න භවන් පුදුම ගේමක් දුන්නේ මුළු පළාතටම ඇහෙන්න කෑ ගහලා සචින්ගේ කම්මුලකුත් හපන ගමන්...
"සුදූ..!! ආයේ බෙරිහන් තිබ්බොත් මම කටේ ප්ලාස්ටරයක් ගහනවා.."
"ඇයි.. ඇයි.. ඔයා මොකද..?"
"හෙමින් කතා කරනවකෝ සුදූ.. පුදුම කටක් ඕක.."
"අනේ.. අනේ.. ඔයාටත් දැන් තමයි මගේ කටේ අවුල පෙන්නේ නේද..? ඊයේ රෑ මේ කටින් වැඩ ගනිද්දී නම් කිසි අවුලක් තිබ්බේ නැහැ හැබැයි.. මට නිදාගන්න දුන්නෙත් නැහැ.."
"ක්හැක්.. ක්හැක්.. අම්මට සිරි.." සචින් අපුර්වගේ පැත්තට බර වෙලා උරහිසෙන් අල්ලාගෙන බිමට නැවුනේ ශාක්‍ය ගේ මුණ දෙක වෙනවා දැකලා ආපු හිනාව පාලනය කරගන්න බැරුව..
"මොක්.. සුදූ.. මොනවද මේ පිස්සෙක් වගේ කියවන්නේ..." ශාක්‍ය හෙණයක් ගැහුවා වගේ බය වෙලා භවන් දිහා බැලුවේ මොන මගුලක්ද මේ කියවන්නේ කියලා..
"ඇයි..? කොහෙද තියන ස්පීච් එකක් තනියම ලියාගන්න කම්මැලියි කියලා මට කියලා මුළු ස්පීච් එකම කියවගත්තේ ඊයේ.. වුබර්ලත් වැඩේ කරගන්නකන් විතරයි අනේ හුනේ සුදූ ගගා පස්සෙන් එන්නේ.."
"සුදූ..!! දෙයියන්ගේ නාමෙට ඔය කට පියන් ඉන්නවද..? උඹෙත් සායම යවාගෙන මගෙත් සායම යවපන් තව හයියෙන් කෑගහලා..."
"තුන් දෙනාටම එකම කට නේද තියෙන්නේ..?" අපුර්වගේ බෑග් එක වාහනේට දාන ගමන් මිගාර ඇහුවේ අපුර්වගේ දිහාවට හැරිලා..
"සචිනුත් ඔහොමද බං..?" ශාක්‍ය භාතියගෙන් අහද්දී සචින් ක්ෂණිකව භාතිය දිහා බැලුවේ මොකද්ද උත්තරේ කියලා දැනගන්න වගේ..
YOU ARE READING
ස්නේහ | Completed
Romanceමීට හරියටම අවුරුද්දකට කලින් මම හිටියේ මුලු හදවතටම අගුලු දාගෙන. ආදරය කියන්නේ මට මේ ලෝකේ තියෙන එක වචනයක් විතරක් වෙලා තිබ්බේ. උබ ආවේ කොහෙන්ද කොහොමද කියන්න මම දන්නේ නෑ අපූර්ව. හැබැයි උබ මාව පිස්සු වැට්ටුවා. ගෑණු දාහක් මැද උනත් එක දශමෙකින්වත් හෙලවුනේ...