Chapter 20❤️

475 44 16
                                    

හැමතැනම අඳුරු වෙලා තියෙද්දි කෝපි කෝප්පයක් අතේ තියම් රෑ අහස දිහා බලන් ඉන්නවා කියන්නේ වෙනමම වයිබ් එකක්..කළුම කළු අහසේ තැනින් තැන ඉහිරිලා තියෙන කහපාටට හුරු පුංචි තරු දිහා බලන් ඉන්න මන් පුංචි කාලේ ඉදම්ම ආස කලා..හැමදාම රෑ අහසේ පාලු මකන්න පුංචි පුංචි තරු තිබුනට අහස ආදරේ කලේම හැමදාම අහස වෙනුවෙන් ම පේ වුන පුංචි තරු වලට නෙවෙයි අමාවකේදී එයාව දාලා යන හදට...තරු කොච්චර අහසට ආදරේ කළත් තරු රටා මවලා අහසේ පාළු මකන්න උත්සහ කරත් හැමදාම තරුවලට වුනේ එයාගේ ආදරේ හදට අයිති කරගන්නකම් බලන් ඉන්න..ඉතිම් තරුවලයි මගෙයි කිසිම වෙනසක් නෑ නේද මගේ ආදී...!අහසට බැරිවුනාට ඒ තරුවලට ආදරේ කරන්න මගේ පුංචි වෛරෝඩියට බැරිද මන් වෙනුවෙන් විතරක්ම ඔය අහස වෙන් කරන්න..අමාවකේදිවත් තනිනොකරන පුංචිම පුංචි තරුවක් වෙලා ඔය අහසේ විතරක්ම පායන්න මට ඉඩදෙන්න බෑද මගේ සුදූ...!

දන්නවද??

සමහර දවස් තිබුනා මන් මටම මහ ගොඩක් වෛර කරපු..ඒ දවස් වල මට ඕන තරම් හිතුනා සුදූ එදා මන් උඹව නොදැක්කනම් කියල..එහෙනම් මන් අද මෙහෙම තනිවෙන්නේ නෑ ආදී...මගේ ජීවිතේ මේ විදියට වෙනස් නොවෙන්න තිබුනා...ඒත් ඒ වෛර කරපු දවස්වලට වඩා මන් උඹට ආදරේ කරපු දවස් හරි ගොඩයි මගේ සුදූ...ඉස්කෝලේ යන්න ඉගෙන ගන්න පුංචිමවත් ආසාවක් තිබ්බේ නැති මන් අද මේ විදියට වෙනස් වෙන්න හේතුවත් උඹමයි මගේ ආදී...!
උඹ නොදැනුවත්වම මේ කාලකණ්ණියගේ ජීවිතේ හරි ලස්සනට වෙනස් කරලා සුදූ..අදටත් මන් උඹට මහ ගොඩක් ආදරේ ඒකමයි මගේ ආදී...!

ඔයා ඔයාගේ ආදරේ හොයන් යනකම් මට කරන්න තිබ්බේ ඈත ඉදම් ඔයා දිහා බලන් ඉන්න එක විතරයි සුදූ...ඔය පුංචි ඇස්දෙකේ ආදරේ පුරවන් දීක්ශ දිහා හැමදාම බලන් ඉද්දි සත්තයි මට මහ ගොඩක් රිදුනා ආදී..ඒත් ඒ ඇස් දෙකෙන්ම දීක්ශ නිසා කඳුළු වැටෙන වැටෙන සැරයක් ගානේ මන් දීක්ශට වෛර කලා..

එදා පුංචි සුදු කලිසම ඇදලා යාලුවත් එක්ක කියව කියව ආපු ළමයා දැන් මහ ගොඩක් ලොකු ළමයෙක් වෙලා..එදා කොච්චරවත් කියෙව්ව ඒ කට වෙනසක් නැතුව අදත් ඒ විදියටම කියවද්දි එදාට වඩා ලස්සනක් මට උඹෙන් පේනවානේ ආදී..සමහරවිට ඒ උගුරු ගැටේ ඉස්සරහට නෙරලා තියෙන නිසා වෙන්න ඇති...ඉස්සර තිබ්බ බෝල ඇස් වෙනුවට දැන් දැන් දිගු ඇස්පියන් වලින් වැහුන දුඹුරු පාට ඇස් දෙකක් වෙලා..උඹ දන්නේ නැතිවුනාට ඒ ඇස් උඹට හරි ලස්සනයි ආදී...! අදටත් උඹ දන්නවනම් මන් උඹව දැක්කේ එදාවගේ දවසක කියලා උඹම අහයි මගෙන් පිස්සුද?? කියලා ආදී...!එදා අහම්බෙන් දැක්ක ඒ රූපේ දැක්කම උබව හොයන් මෙච්චර දුරක් එයි කියලා මන්වත් හිතුවේ නෑ ආ...

ඔබ දිහාWhere stories live. Discover now