43 කොටස

2.3K 269 18
                                    

උදේ පාන්දරම නැගිට්ටේ භාතිය.. නොසැහෙන්න බැනුම් අහලා සචින්ගේ කාමරේට නිදාගන්න ගියත් උදේ පාන්දරම මත් ගතිය ගියාම ආයෙමත් සචින්ගේ වෙස් පෙරලෙන බව දන්න නිසා භාතිය සචින්ට බ්ලැන්කට් එකත් පොරවලා එයාගේ කාමරේට ආවා.. පඩිපෙළ නැගගෙන එද්දිම ශාක්‍ය ව හම්බුන නිසා ආයෙමත් දෙන්නම පහලට ආවේ සීතල යන්නත් එක්ක තේ හදාගන්න.. තේ හදද්දිම වගේ මිගාරත් පහලට ආවා.. තුන් දෙනාම නිදි විකාරෙන් වගේ හිටියත් වචනයක්වත් කතා නොකලත් සෙටි එකේ පුටු තුනට වෙලා වාඩි වෙලා හිටියේ ඊයේ මූණ දීපු විනාසෙන් යථා තත්වෙට එන්න උත්සහ කරන්න වගේ..

"අද උදේට තමයි ඊයේ නවත්තපු තැන ඉඳලා ආයේ පටන් ගන්නේ කට්ටිය.." ශාක්‍ය කිව්වේ තේ එක බොනවටත් වඩා තේ කෝප්පෙන් එන රස්නෙන් අත් දෙක උණුසුම් කරගන්න ගමන්..

"චහ්.. වයින් වලටත් වැදුනනේ... කිව්වේ කොහොමද.. හයි ටොලරන්ස්.." මිගාර ඉන්නේ ඔෆිස් එකෙන් ආපු ඊමේල්ස් චෙක් කරන ගමන්..

"භාති..?" ශාක්‍ය භාතිය දිහාට හැරුනේ ඊයේ වෙච්ච සිද්ධි එක්ක භාතියට මොනවා හරි කතා කරන්න ඕනද අහන්න වගේ..

"මම සචින්ගෙන් අද අහනවා.."

"හ්ම්ම්.." ශාක්‍ය ගෙයි මිගාරගෙයි දෙන්නගෙම ප්‍රතිචාරේ වුනේ ඒක..

"උත්තරේ මොකක් වුනත් කමක් නැහැ.."

"උඹට හිතෙන දේ කරපන් භාති.. මෙතන උඹව ජජ් කරන්න කවුරුත්ම නැහැ.." මිගාර කිව්වේ උඩ තට්ටුවේ ඉඳන් භවන්වත් තල්ලු කරගෙන පහලට බහින අපුර්ව දිහා බලාගෙන..

දෙන්නම පහලට ඇවිල්ලා සචින්ගේ කාමරේ අස්සට රිංගගත්තේ සෙටි එකේ හිටපු තුන් දෙනා දිහාවත් නොබලා..

අපුර්ව ගිහින් බ්ලැන්කට් එක පොරවාගෙන ඉන්න සචින්ගේ ඇඟ උඩින් නිදාගත්තා.. භවන් සචින්ගේ බ්ලැන්කට් එක අස්සට රිංගුවා..

"මචං..!!!" භවන් කෙඳිරුවේ බ්ලැන්කට් එකෙන් මුණ වහගෙනමයි..

"ඕඕ... මචං..!! අපිට ඒ ලැජ්ජාවෙන් ගොඩ ඒමක් නැහැ..!!!" අපුර්ව උත්තර දුන්නේ භවන් කියන්න ගිය එක තේරුනා වගේ..

"උඹලා දෙන්නා මෙතන මගුලක් කතා කරනවා.. මට වෙච්ච ලැජ්ජාව දන්නවා නම් උඹලා මට වහ බෝතලයක් අරන් දෙනවා ඕයී...!!!" සචින් කිව්වේ කකුල් වලින් මෙට්ටේට ගහන ගමන්..

ස්නේහ | CompletedWhere stories live. Discover now