44 කොටස

2.3K 255 12
                                    

"උඹ අර මම එවන්න කියපු ඉන්ස්ටා රීල් එක මට එව්වද කියපන් අපුර්ව..?" භවන් ඇහුවේ සචින්ගේ උරහිස දෙපැත්තෙන් දාගෙන හිටපු කකුල් දෙක පද්දන ගමන්..

"ඔව් යකෝ ඔව්.."

තුන් දෙනා ඉඳගෙන හිටියේ හරිම විකාර රූපී විදියට.. භවන් හිටියේ සෙටි එක උඩ සචින්ගේ උරහිස දෙපැත්තෙන් කකුල් දෙක තියාගෙන.... සචින් හිටියේ එතනම බිම ඉඳගෙන.. අපුර්ව හිටියේ සචින්ගේ උකුල උඩ ඔලුව තියාගෙන.. 'මෙච්චර මේ ඉඩ තියෙද්දී එක ගොඩේ රිංගගෙන ඉන්නේ ඇයි' කියලා ශාක්‍ය අහද්දී 'උඹට ඒ පණ්ඩිතකම් වැඩක් නැහැනේ චූටි අයියේ පලයන් කුස්සියට' කියලා භවන් ශාක්‍යව එලවගෙන දැන් පැය භාගෙකටත් වැඩියි..

අද රෑට කෑම හදන්න ලොකු තුන් දෙනා භාරගත්තා.. භාතිය හැරුනාම ඉතුරු ඩබලම මෙලෝ සංසාරයක් හදන්න දන්න උන් නෙමෙයි.. ඒ උනත් භාතියට සපෝර්ට් එකට කියලා දෙන්නම කිචන් එකට ගිහින් වලන් පෙරලන සද්දේ සාලෙටම ඇහෙනවා..

"කෑම නම් හරි.. දැන්ම කනවද..?" භාතිය කෑම මේසෙට අරින ගමන් ඇහුවේ සෙටි එකේ හිටපු තුන් දෙනාට දැන්මම නැගිටින්න අදහසන් නැහැ වගේ පෙනෙද්දී.. කෑම කිව්වා විතරයි තුන් දෙනා වෙලිලා හිටපු ගැටෙන් ගැලවිලා නැගිට්ටේ හත් අවුරුද්දක් බඩගින්නේ හිටපු ගානට..

"පපඩම් කන්න සුදූ.. මම බැද්දේ.." ශාක්‍ය කියද්දී භවන් ආඩම්බරෙන් පපඩමක් අරගෙන 'කරස්' ගාලා හපලා ශාක්‍යගේ පැත්තට ඉතුරු කෑල්ල දික් කරා..

"මම හිතුවා උඹ ඒකටත් මොකක් හරි කුප්ප කතාවක් කියලා මේ මනුස්සයට බනිවි කියලා.." කම්මුලටත් අත ගහගෙන මිගාර කවපු බත් කටක් හපන ගමන් අපුර්ව කිව්වා.. මිගාරට මෙලෝම දෙයක් හදාගන්න තේරුනේ නැති නිසා ඒ වෙනුවට අපුර්වට කවන්නම් කියලා ලොකු රාජකාරියක් භාරගෙන එයාටම ආවේණික වුන ස්ටයිල් එකේ ඇතුලට එළවලු ඔබලා අනපු සුදු බත් ගුලි පිගානේ පේලියට තියාගෙන අපුර්ව කාලා ඉවර වෙන ඉවර වෙන වතාවක් ගානේ අපුර්වගේ කට ඇතුලට එබුවා..

"මට පපඩමක්වත් හදාගන්න බැහැනේ බං.. ඕකට මොනවා හරි කියන්න ගිහින් මේ මනුස්සයා බැන්දම එහෙනම් උඹම උයපන් සුදූ කිව්වොත් මල මගුලක් වෙන්නේ..

ස්නේහ | CompletedOnde histórias criam vida. Descubra agora