සයේශ් ශරින්ය
" අඩෝ සයේශ්, වෙලාව 8.20 යි බන්.. අටයි කාලේ බස් එක දැන් ගිහිනුත් ඇති .. දුවලා වැඩක් නෑ හීමිට යමන් දැන්.. ඊලග බස් එක 8.45 නේ .. අනික මගේ බඩ ආයේ බොර බොර ගානවත් වගේ "
මගේ පාපමිත්ර අඹ ඇටයා වෙච්ච ඉශික් ඔරලෝසුව පෙන්න පෙන්න මගේ පස්සෙන් එන කොට මම රවාගෙනම ඌ දිහාට හැරුනා
" ආ බොර බොර ගානෝද?.. බොර බොර නෙවේ සොර බොර වැව වෙන්න දෙන්න හිතෙනවා මට උබට.. බලහම් ඉතින් හවස 6.30 ට ක්ලාස් ඇරුනේ, ඒ උනාට 8.30ටත් අපි පාරේ..මේ සේරම තොගේ වැරදි..වරෙන් යන්න "
රැපර් සයේශ් වගේ හච පච ගාලා කියෝගෙන ගියපු මම ඊලගට බඩත් අල්ලන් දෙකට නැවිලා හිටපු ඉශික් ගේ අතින් ඇදන් බස් හෝල්ට් එක පැත්තට ගෑටුවා
ඇත්ත ඇත්ත මේ සේරටම වැරදි මූ තමා.. මම මුට කට කැඩෙනකම් කිව්වා අද ක්ලාස් ඇරිලා කෙලින්ම ගෙදරම යමන් හෙට සෙනසුරාදා නිසා කට කපලා නින්දක් දාන්න ඕනි කියලා.. ඒ උනාට මේ ප#යට ඕනි උනානේ අර හද්ද අස්සක තියෙන දඩාර කුනු කානුවත් එක්කම අල්ලලා හදලා තියෙන කාණු කඩෙන් පරාටයි මස් හොදියි ගිලින්න.. කොහොම කොහොම හරි මුගේ දොල දුක සංසිදුවන්න මටත් යන්න උනා.. අන්තිමට ඇප නැති වෙන්න ගිලලා ගිලලා කඩෙන් එලියට බහින කොටම උට බොකක් සෙට් උනා. කාණු කඩේ පරාටයි මස් හොද්දෙයි පවර්ස් කොච්චර ද කියනවා නම් අන්තිමට මුට පැයක් දෙකක්ම සැරෙන් සැරේට බොක දාන්නම වැඩේ සෙට් උනා...
" බොක ගිහින් ගිහින්ම මගේ පස්ස මාර විදියට දනවා බන්.. ආයේ නම් අර ලබ්බෙ කඩෙන් කන්න යන්නෑ සිරාවටම මං නම්.. හතුරෙක්ව වගේ නම් එක්කන් යන්න සුපිරි කඩේ හැබැයි "
YOU ARE READING
අනන්තයක් (BL/Nonfiction )
Non-Fictionදැන් කියපම් බලන්න රතු පාටට සුදු පාට එකතු උනාම මොන පාටද නිල් ද ?