අබේසේකර දුරකතනයෙන් අයෙකුට ඇමතුමක් ලබා ගත්තා.
“හෙලෝ! ලොකු ප්‍රශ්නයක්…. මට ඉන්ස්පෙක්ටර් මදාරා කියලා කෙනෙක් කතා කළා. තේව්ගේ කේස් එක reopen කළා කිව්වා. මගෙන් ප්‍රශ්න කරන්න ලංකාවට එන්න කිව්වා. මොනවද මේ වෙන්නේ. මම දැන් මොකක්ද කරන්නේ?”
“ඔයාට ලංකාවට එන්න කිව්වද?”
“ඔව්. මම මොකද කරන්නේ?”
“ඔයා කිසිම දෙයක් එයාට කියන්න එපා. ඔයා එදා දීපු රිපෝට් එක තමයි කොහොමත් හරි රිපෝට් එක.”
“ඔයාට කියන්න නම් ලේසියි. මෙයා ලේසි පහසු කෙනෙක් නෙවේ. මම මේකට කැමති වුණේ ඔයාලා නිසා. අවසානේ මමයි අමාරුවේ වැටුනේ.”
“අපි කියපු නිසාම නෙවෙයිනේ ඔයා කැමති වුණෙ. ඔයාටත් ඒකෙන් වාසියක් වුණා. ඔයා දැන් නිකං බොරුවට හොඳ මිනිහා වෙන්න හදන්න එපා. අනික තමුන් අමාරුවෙ වැටුනොත් අපිත් අමාරුවේ වැටෙන බව මතක තියා ගන්නවා. ඒක නිසා කලබල නොවී කියන දේ කරනවා. නැත්නම් අමාරුවේ වැටෙන්න වෙයි.”
“හරි මට දැන් මොකක්ද කරන්න කියන්නේ?”
“එදා කළා වගේම අදත් කරන්න. එච්චරයි. සැක හිතෙන්න තියන්න එපා.”
“ඒත් එයා හැමදේම දැනගෙන නොදැන ඉන්නවා වගේනම්?”
“මම ඒ ගැන බලා ගන්නම්. දැන් පියවරක් ගන්නම වෙනවා.”
+++++++++++++++++++++++++++++++++++++++++
මදාරා රැඳී සිටියේ විශාල ගොඩනැගිල්ලක් ඉදිරිපිටයි. ගොඩනැගිල්ලේ “Gajendrasinghe Constructors” ලෙස සඳහන් වී තිබුණා. මදාරා එම ගොඩනැගිල්ලට ඇතුළු වූවා.
මේ අතර ජනනාත් ගජේන්ද්‍රසිංහ සිය කාර්යාල කාමරයට වී නව ව්‍යාපෘතියක් සම්බන්ධව සාකච්ඡා කරමින් සිටියා.
YOU ARE READING
Deja Vu_BL Non Fic_
Non-Fictionදෙහදක නිපන් නොකියූ ආදරය 🥀❤️ ආදරය සුන්දර හැඟීමක්. ආදරයට සම්මතයක් ගොඩනැගුවේ කවුරුන්ද? ආදරය කිරීම ජීවිතයෙන් වන්දි ගෙවීමට තරම් වරදක්ද? ආදරයක් සෙනෙහසක් නොලැබුණු මට ඒ ආදරය ලැබුණේ නුඹෙන්ම පමණයි.