"බබා.."
"මොකද අප්පා.. මොකද..?"
"7.30ට හරියටම.."
"උදේ ඉදන් ඔයා මේ කීවෙනි පාරද කතා කරන්නේ..?"
"පරක්කු නම් වෙන්නෙපා.. සීයා කැමති නැහැ පරක්කු වෙලා එන අයට.."
"දැන් මට ඕක කට පාඩම් අප්පා.. බය වෙන්නෙපා අනේ මාවත් බය කරනවා ඔයා නිකන්.."
අද පරාක්‍රම එක්ක ඩිනර් එක ප්ලෑන් කරපු දවස.. උදේ ඉදන් මිගාර අපුර්වට දහ පාරකට වඩා ගන්න ඇති.. ඒ හැම පාරකම වෙලාවට එන්න කියලා ෆෝන් එක තියන එක විතරයි කලේ..
"හරි.. නර්වස් වෙන්නෙපා.. නර්වස් වෙන්නෙපා.. මේක නිකන් ඩිනර් එකක් විතරයි.. ෂුහ්..!!" මිගාර කිව්වේ ලොකු හුස්මක් පහල දාලා..
"මම නර්වස් වෙලා නැහැ අනේ.."
"නැහැ මම ඒක මටමයි කියාගත්තේ.. මම මාර නර්වස් බබා.. කොච්චර නර්වස්ද කියනවා නම් පැන්සල උල් කරන්න ගිහින් මගේ ඇඟිල්ලත් කැපුනා අද කවදාවත්ම නැතුව..
"පැන්සලක් උල් කරන්න ගිහින්..? මොකක් කලාද පැන්සලක් අරන්..?"
"චිත්‍ර අදින පැන්සල.. නර්වස් වෙලා වැඩි වෙලා මම චිත්‍රයක් අඳින්න ගත්තා.."
"ලේ ආවද ගොඩක්..?"
"හ්ම්ම්..."
"මොකක්..??? ෆේන්ට් උනාද..?"
"ම්හ්හ්.. කැපුනා කියලා දැනුන ගමන් මම අහක බලාගත්තා.."
"මිගාර.. ඔයා එදා ඩොක්ටර් කියපු තෙරපි කලේ නැද්ද..?"
"............"
"මිගාර..!!
"මට වෙලාවක් තිබුනේ නැහැ බබා.."
"එක පාරක්වත් කලේ නැද්ද..?"
"............"
"හ්ම්ම්.. ලොකු දෙයක් වෙච්ච දවසක තේරෙයි හැබැයි ආහ්.."
"හරි.. සොරි.."
"..........."
"බබා.. මම ඔයාට ගන්නම්.. සීයා කතා කරනවා.."
"හ්ම්ම්.. හරී.."
තව පැය තුනක් විතර තියන නිසා අපුර්ව ඇඳට වෙලා ෆෝන් එක ඔබ ඔබ හිටියා.. සෙනසුරාදා නිසා භවන් සචින් උදෙන්ම එනවා කිව්වත් සචින්ට මොකක් හරි වැඩක් වැටුන නිසා භවනුත් හෙටම එන්නම් කිව්වා.. කම්මැලිකමටත් එක්ක අපුර්ව ගෘප් කෝල් එකක් ගත්තා..
YOU ARE READING
ස්නේහ | Completed
Romanceමීට හරියටම අවුරුද්දකට කලින් මම හිටියේ මුලු හදවතටම අගුලු දාගෙන. ආදරය කියන්නේ මට මේ ලෝකේ තියෙන එක වචනයක් විතරක් වෙලා තිබ්බේ. උබ ආවේ කොහෙන්ද කොහොමද කියන්න මම දන්නේ නෑ අපූර්ව. හැබැයි උබ මාව පිස්සු වැට්ටුවා. ගෑණු දාහක් මැද උනත් එක දශමෙකින්වත් හෙලවුනේ...