"මම කිව්වා සචින් ඔයාට.. ඔයා මාව විශ්වාස කලේ නැහැ.." රිශිනි සචින් ගාවට ඇවිත් සචින්ගේ ටී ෂර්ට් එක අල්ලලා හෙලෙව්වත් සචින් හිටියේ මල කඳක් ගාණට..
"රිශිනි..!!" අපුර්ව රිශිනිව පැත්තකට කලේ හිතට ආපු ආවේගේ පාලනය කරගෙන..
භාතිය ඉඳගෙන හිටපු තැනින් නැගිට්ටේ මුකුත්ම නොකියා සාක්කුවට අත් දෙක දාගන්න ගමන්.. එයාගේ ඇස් සචින් දිහාවට තිබුනේ කිසිම කලබලයක් නැතිව..
"මට සමාවෙන්න සචින්.. ඒත්.. ඒත්.. මාව තනි කරන්න එපා.. මට දරුවෙක් එක්ක තනි වෙන්න බැහැ.. මට උදවු කරන්න සචින්.. ප්ලීස්...!!"
"රිශිනි මෙතන කෑ ගහන්න එපා.. වට පිටේ මිනිස්සු බලනවා.." මිගාර ඇස් වලින් අපුර්වට කලබල වෙන්නෙපා කියද්දී අපුර්ව රිශිනිව වත්තම් කරගෙන කිව්වේ දැනටම වට පිටාවේ මිනිස්සුන්ගේ ඇස් මේ පැත්තට හැරිලා තියෙද්දී..
"සචින්.." භාතිය සචින් ගාවට ලං වෙලා සන්සුන්ව කියද්දී මෙච්චර වෙලා හිර කරගෙන හිටපු වේදනාවදෝ සචින්ගේ ඇස් වලින් කඩන් වැටුනා..
"ඒ..ඒක.. පොසිටිව්.."
"හ්ම්ම්.. ඔව්.."
"හ්ම්ම්? එච්චරයිද..?" සචින් භාතියගේ ෂර්ට් කොලර් එකෙන් අල්ලගත්තේ භාතියගේ ඇස් දිහා එක එල්ලේ බලන ගමන්..
"මම තව මොනවද කියන්න ඕන සචින්..? ඔයා ඔයාගේ තීරණය මට කලින්ම පැහැදිලි කරලා කිව්වනේ.. ඉතින්..? මට මොනවද තව කියන්න ඉතුරු..?" භාතිය සාක්කුවලින් අත් දෙක එලියට නොගෙනම සචින් දිහා බලන් හිටියා.. ඒක සචින්ව පිස්සු වට්ටනවා.. භාතිය සචින්ව සනසන්නවත් තුරුල් කරගන්නේ නැති එක සචින්ව පිස්සු වට්ටනවා.
"ඔයාට කියන්න මුකුත්ම නැද්ද..?"
"ම්හ්හ්..! ඔයාට මොනවා හරි කියන්න තියනවද..?" .
"නැහැ..." ලොකු හුස්මක් පහල දාලා සචින් කිව්වේ තවමත් ඇස් දෙකෙන් කඳුලු පේලි කඩන් වැටෙද්දී.. වෙනදට සචින්ගේ ඇස්වල ලාවට කඳුලු පටලයක් බැඳුනත් එයාව පපුවට තුරුල් කරගෙන සනසන භාතිය අද මෙච්චර සීතල විදියට එයාට සලකන්නේ ඇයි කියන්න සචින් දන්නේ නැහැ..
"හ්ම්ම්.." භාතිය කිව්වේ එච්චරයි.. සචින්ව පහු කරගෙන එයා දොර දිහාවට ගියා..
YOU ARE READING
ස්නේහ | Completed
Romanceමීට හරියටම අවුරුද්දකට කලින් මම හිටියේ මුලු හදවතටම අගුලු දාගෙන. ආදරය කියන්නේ මට මේ ලෝකේ තියෙන එක වචනයක් විතරක් වෙලා තිබ්බේ. උබ ආවේ කොහෙන්ද කොහොමද කියන්න මම දන්නේ නෑ අපූර්ව. හැබැයි උබ මාව පිස්සු වැට්ටුවා. ගෑණු දාහක් මැද උනත් එක දශමෙකින්වත් හෙලවුනේ...