47 කොටස

2.3K 242 11
                                    

"Didn't you want it rough..?" මිගාර කිව්වේ මත් වෙච්ච ඇස් දෙකෙන් අපුර්වගේ නිරුවත් පපුව දිහා බලාගෙන...

අපුර්ව මුකුත්ම නොකියා බෙල්ට් එකෙන් අත අහකට අරගෙන ඇස් දෙක රෝල් කලේ මිගාරව ගණන් ගන්නේ නැහැ කියලා පෙන්නන්න..

"මොනවද ජිතේන්ද්‍ර එක්ක කතා කලේ..?" මිගාර ඇහුවේ අපුර්වගේ කන් පෙත්තක් ඇඟිලි වලට අල්ලගන්න ගමන්.. එහෙමම පාත් වෙලා කන් පෙත්ත දිගේ නහය ගෑවී නොගෑවී ඇදගෙන ගියේ හරියට අපුර්වගේ සුවඳ හිත පුරා විදින්න වගේ..

"ඔයා කියාරා එක්ක කතා කරපු දේවල්ම තමයි.." අපුර්ව කිව්වේ මිගාරව රිද්දන්න හිතාගෙනමයි.. මිගාර ගැස්සිලා අපුර්ව ගාවින් හෙමිට මෑත් වුනේ කට කොණට හිනාවක් එද්දී..

"ම්ම්.. Someone is jealous හහ්..?"

"ප්ෆ්ෆ්.. වැඩේමයි.."

"මට කලින් ඇහුනා වගේ එක්කෙනෙක් ඉරිසියයි කියනවා.. මට වැරදිලා ඇහෙන්න ඇති එහෙනම්.. ම්ම්.. හරි.. කොහෙද ඉතින් පාර්ටි එක මැද්දේ යන්න ගියේ..?" මිගාර තවමත් තමන්ගේ අත් දෙක මැද්දට හිර වෙලා ඉන්න අපුර්ව දිහා බැලුවේ හරියට තෙමිලා බය වෙලා ඉන්න පූස් පැටියෙක් දිහා බලනවා වගේ..

"මට තව වැඩ තියනවා එක එක්කෙනා ගෑණු එක්ක මගුල් නටනවා බලනවට වඩා.."

"ඌහ්.. ඒකට නම් හිත රිදුනා.." මිගාර කිව්වේ පපුවේ වම් පැත්තට අත තියලා බොරු වේදනාවක් මූණට අරගෙන..

"ඔයාගේ විකාර ඉවරයි නම් මට ඇඳුමක් දෙනවද ඇදගන්න..?"

"ඇයි මේ මෙච්චර තරහ ගිහින්..?"

"........."

අපුර්ව උත්තර නොදීම ගස්සලා අහක බලාගත්තේ මිගාරගේ ඇස් දිහා බැලුවොත් සටන පාවා දෙන්න වෙන නිසා..

"බබා.."

"මොකද..???" අපුර්ව කෑ ගහපු පාරට මිගාර ඇත්තටම ගැස්සුනා..

"ඔයා රාක්ෂ ගණේද බබා..??"

"නැහැ දේව ගණේ ඇයි මොකද..?"

"එහෙනම් යකෙක් වගේ කෑ ගහන්නේ..?"

"එහෙම තමයි දෙයියෝ කෝප වුනාම..!!"

"දෙයියෝ කෝප වුනාම මෙච්චර ලස්සනයි කියලා අදනේ දන්නේ.." අපුර්වගේ කම්මුල දිගේ දබර ඇඟිල්ල අරගෙන ගිය මිගාර නැවතුනේ මොකක් හරි හේතුවක් නිසා ගැහෙන අපුර්වගේ තොල් ළඟ..

ස්නේහ | CompletedWhere stories live. Discover now