ටකස්..! ටකස්..! ටකස්...!
වාහෙනෙන් බිමට බැස්ස වෙලේ ඉදන් ටකස් සද්දෙන් විදත්ගෙ කන් පිරිලා..ඒ වෙන මොනවත් නෙමේ..දිල්ගෙ අගල් හයේ හීල් එක පොළවෙ හැපෙනවා දැන් විනාඩි දෙකක් විතර..සාරියක් ඇන්දම හීල්ස් දානවා හරි ඒත් ඇයි මෙච්චර උසට..කෙල්ලන්ගෙත් විගඩම්..අර දමලා ගහලා යන්න බැරි නිසා ඉන්නවා මිසක් කොල්ලනම් තුන් හිතකවත් තියෙන කැමැත්තකින් නෙමේ වීල් චෙයා එකෙන් යුනිවසිටි එකට ආවේ..ඒකත් මේ විදිහට !!කොහොම හිටිය කෙනෙක්ද ඉතින්.. ආබාධිතයි කියන වචනෙ තේරුම විදත්ට දැන් දැනිලා තියෙන්නෙ අඩු නැතුවම..ටිකෙන් ටික ඉස්සරහට යන්න යන්න කට්ටියගෙ අවදානෙ එයාට හැරෙනවා වගේ දැනුණ නිසා කොල්ලා කැප් එක අරන් ඔලුවට දාගත්තා..අපරාදේ ඉතින් ජෙල් ගාලා හැදුව කොණ්ඩෙ...
"ඔෆීශියල් ඇදලා කැප් දාන එකෙක් දැක්කමයි..."
"කට වහන් පලයන් !"
විදත් තව ටිකක් කැප් එක පහත් කරගත්තෙ ඇස් දෙකත් වැහෙන්නම..."චූට්ටක් විතර නෝන්ඩියි වගේ නේ මෙහෙම යද්දි..."
කෙල්ලටත් ඉතින් ආතල්...පරම මිත්රයාව රෝද පුටුවෙ එක්කගෙන යනවා කියන්නෙ ආයේ...
"කට වහන් පලයන්කො..!!"
"උඹ මූණ වහන් ගියාට වැඩක් නෑ..මෙතන හැමෝම දන්නවා මේ ඉන්නෙ උඹ තමයි කියලා..."
"....................................."
ඒත් කමක් නෑ එයාව පෙනුනට එයාට පේන්නෙ නෑනේ..එතකොට දැනෙන අපහසුතාවය හරි ටිකක් අඩු වෙනවනේ..
විදත් හිත සනසගත්තෙ එහෙම හිතලා..ඒත් ඒ අපහසුවනම් අනික අයට අදාළම නෑ..තැන තැන ෆොටෝ ගහන පොඩි චැටක් දාන් ඉන්න අය හිමින් හිමින් යන මේ ජෝඩුව දිහා හොරෙන් වගේ බලනවා දිල්ට පෙනුණා..
"හැමෝම මෙහෙම බලද්දි සිරාවටම මට දැනෙන්නෙ හෙන සෙලිබ්රිටි සීන් එකක් ඕයි..
"............................................."
සාරියක් ඇදන් මේකප් උලාගෙන උසට උසේ යන නිසා මේකිටනම් සෙල්බ්රිටි ඇති.."ඊට්ස් ෆීල්ස් ලයික් ඕවර් ද මූන් යාර්.."
"කට වහන් එක්ක පලයන්..නැත්තම් අතෑරපන් මම යන්න...."
මේක වදයක් වුණානේ.!
YOU ARE READING
මීන් | MEEN
Non-Fiction"මං මූදු රැළ්ලට වඩා උඹට ඇබ්බැහි වෙලා.." -විදත් හංසනාදිත්යය-