eleven

2.2K 200 94
                                    



"මට සමාවෙයන් මැණික... මං ඊයේ... මං ඊයේ.. මට ඊයේ මොනාද උනේ කියලා මටම තේරෙන්නේ නෑ බන්... උබ තාම වේදනාවෙන් නේද...? "


ජන්කුක්ගේ ඇස් වල ලාවට කදුළු පටලයක් බැදිලා ඇස් රතු පාටින් දිලිසෙනවා...
මේ මොකද මේ... මම නේ වැරැද්ද කරේ.. මං උබට බැන්නේ නෑ නේ ජන්කුක්... ඇයි මේ...

අඩන්න වගේ රතු වෙලා තිබුණු ජන්කුක්ගේ ඇස් දිහා බලාගෙන මං හොද හුස්මක් ගත්තා... පවු මූ...


"ම්ම්... ජන්කුක්... සමාවෙන්න කියන්න එපා...වැරැද්ද මගේ... මං කියන්නේ... වැරැද්ද අපි දෙන්නගෙම... ඒ උනාට වරදේ වැඩි කොටසක් මගේ... ඊයේ වුනු දේ...ඒකට කමක් නෑ... මොකද සීයට පනස් එකක්ම මගේ වැරැද්ද... "

"හහ්... එතකොට ඉතුරු සීයට හතලිස් නවය මගේ වැරැද්ද ද...?"

මං කතා කරා... ඊයේ රෑ සිද්දියෙන් පස්සෙ මට ජන්කුක් එක්ක කතා කරන්න ඕන වුනත්... ඒකට හොද වෙලාවක් හම්බවුනේ නෑ... ඒත් දැන් තමයි හොදම වෙලාව... සමාව ගන්න වගේම... මගේ හිතේ තියන දේවල් මෙයාට කියලා නිදහස් වෙන්න... නැත්නම් දෙන්නටම වෙන්නේ හැමදාම පිස්සෝ වගේ කාකොටාගන්න...

ර්ර්ර්...ඒ උනාට මට නගිනවා යකෝ... මං කියලා ඉවරවෙනකම් ඉදාම්කො යකෝ... මැද්දෙන් පනිනවා උට්ට...වැරැද්දේ ඉතුරු හතලිස් නවය උගේද අහනවා... ඇයි උත්ටගේ පුතා මගේ වී කාර්ඩ් එක කුඩු කරාට පස්සෙත් වැරදි සියල්ල මගේ පිට දමා සුදනා වෙන්න හදන ලස්සන...


"ඔව් අනිවාරෙන්ම... ඔයාගේ... මේ මැද්දෙන් පනින්නේ නැතුව ඉන්නවකෝ... මට කියන්න දීලා..."

"ඕකේ ඕකෙ... කියන්නකෝ..."

ජන්කුක් ලාවට හිනා වෙලා කිව්වම මං හොද හුස්මක් ඇරගෙන ආයේ මගේ හෑල්ල පටන් ගත්තා...


"හරී මෙහෙමයි...මං බොරුවට රගපෑවට සමාවෙන්න... අනික... මේ මං කාටවත් මීට කලින් ලවු කරලා නෑ... මං.. මට තේරෙන්නේ නෑ ලවු කියන්නේ මොකක්ද කියලා...උබ මට ආදරෙ ඇති... ඒත්... හරී හරී ඔරවන්න එපා... මං කියලා ඉවර වෙනකම් ඉන්නකෝ..."

ඒපාර රවනව... අනේ යකෝ කියලා ඉවර වෙනකම් හිටාම්කො...
ඉවසීම ඇත්තෙම නෑ... කොයි වෙලෙත් ඉන්නෙ නැට්ට ගිනි ගත්ත මොකාද එකා වගේ...



𝐎𝐧𝐥𝐲 𝐅𝐫𝐢𝐞𝐧𝐝𝐬ₖₒₒₖᵥWhere stories live. Discover now