xxii❗️කොටස

146 17 4
                                    

බෙහෙතකට හොයාගන්න වලාකුලක් නැති මිගමු අහසෙ පායපු තරු වගෙම තරු මැද්දැවේ දිලිහෙන අඩ හද එලියට යට වැලිකැට දාස් ගානක් මැද ලංකාවේ මීගමු වෙරලේ එක කොනක තට්ට තනියම කලුවරේ  මම ඉදන් උන්නා...........

ඈතින් පෙන තාම නිදිනැති කොලබ........ වෙරලේ නතර කරපු බෝට්ටුවක් ඇරෙන්න මේ රෑ නවයට විතර මේ මුහුදු වෙරලේ ආසාවකට හොයාගන්න මනුස්සයෙක් තියා බල්ලෙක් වත් නැති උනා.....

ඈත ඇහුන කුරුස පල්ලියේ රෑ නවයෙ යාච්ඤාව ඉවර වෙලත් දැන් අඩ හොරාවකට වඩා ගිහින් තිබ්බා.......එත් රෑ හතෙ කනිසම පහුවෙලා පැය බාගෙකට පස්සෙ මීගමුවේ බිච් එකට ආව මම තාමත් මුහුදු හුලගින් වගෙම එ එන කරිජ්ඡ් සුවදනින් මිදිලා.....මේ ඇහැට පෙන හිත නිවන සුන්දර රූප රාමු පෙල දලා යන්නෙ ලොබ කමේ වෙරල එක කොනක ඈතින් එලිය උන කොලබ පෙන තැනක වැල්ලේ ඔහේ තනියම ඉදන් උන්නා..........

එත් මෙතන ඉදන් කිලොමිටර් ගානක් එහයින් තියෙන නවලොකෙ සජරි රූම් එකක මගෙ පුංචි එකා සිහියක් නැතිව ඔහේ ඇදක නිදි ඇති......ඌ වටෙට උල් පිහි කතුරු ගත්ත මාස් දාපු ඇග වැහෙන්න ගොනි වගෙ ඇදුම් ඇදපු තමන්ට වඩා බර ඇදුමක් ඇතුලේ උන්න අත් වැහෙන්න සජිකල් ග්ලවුස් දැම්ම මිහිපිට දෙවිවරු කියන අය පිරිලා ඇති........

එත් මගෙ පුංචි එකාගෙ  නහර වල දුවන මගෙ නොවුනත් මගෙ d n a කවලන් උන මගෙ ඇගෙ දුවන ලේ ම දුවන එ ලේ ගැලුම් ගානක් පිටට හැලෙනවා ඇති ටොන් ගනන් පුලුන් කැලි තද රතු පාටින් පෙගිලා ඩස්පින් වැටෙනවා ඇති........

එ හැම දෙම අස්සෙ  උල් පිහි කතුරු වලින් කැපිලා ඇරිලා ගිය මගෙ පොඩි එකාගෙ රොස මල් තරම් සිනිදු උඩු හම යටින් නහර වැල් එතුන එත් ලේඩ වෙච්ච හදවත නතර වෙන්න බලන් ගැහෙන එ හදවත නතර නොවි හරි පරිස්සමට නොරිදෙන්න ගලවන්න ඩොක්ටලා මහන්සි වෙනවා ඇති....

සහමර විට මගෙ කෙසරගෙ ගැලවුන හදවත යකඩ බාජනෙකට වැටිලා එ පපුවේ අලුතෙන් හයිවෙන හදවත සිරුවට පරිස්සමට හයිකරන්න ඩොක්ටලා මහන්සි වෙනවා ඇති......

එක සියුම් වරදකට මගෙ පුතාගෙ හුස්ම උදුරන්න පුලුවන් උන......සියට පනහක ගැරන්ටි එකක් එක්ක පෙශන්ට් මැරුණොත් වගකිම රොහල් කාර්ය මණ්ඩලය බාරගනු නොලැබේ කියලා  මගෙ අතින් අත්සන් කෙරුන ඇග්රිමන්ට් එකක් තියන එ ඔප්රේශන් ඉවරයි කියනකල් ගනෙශ් සජරි රූම් එක ලග එහාට මෙහාට ඇවිදිනවා ඇති..........

💞සින්ධුර්💞  (Non fiction)Where stories live. Discover now