"මිගාර..!!!!" අපුර්ව ගැස්සිලා ඇහැරුනේ මොන මූසල හීනයක්ද ඒ දැක්කේ හිත හිත..
හීනයක් වුනත් හිතේ බය ගියේ නැති නිසා අපුර්ව උණ විකාරෙන්ම ඇඳෙන් බැස්සේ මිගාරට කෝල් එකක් ගන්න..කෝල් එක කට් කළා.. ඒ කියන්නේ කරදරයක් නැහැ කියන එකනේ.. අපුර්ව ආයෙමත් ඇඳට වැටුනා.. කොන්ද රිදෙන එක අඩු වෙලා තිබ්බත් උණ ගතිය තම ලාවට තියනවා.. ඇඳගෙන හිටියේ මිගාරගේ ෂර්ට් එකක් නිසා ඒ සුවඳට තුරුල් වෙලා අපුර්ව ආයෙම නින්දට වැටුනා..
කොච්චර වෙලා නිදාගත්තද කියලා නිනව්වක් නැතත් අපුර්ව ආයේ නින්ද කඩාගත්තේ ආපු කෝල් එකකට.. හ්ම්.. ජිතේන්ද්‍ර..! අපුර්ව කෝල් එක ආන්ස්වර් කරලා ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඕෆ් කරලා කණේ තියාගන්න යද්දියි දැක්කේ එයා තව පැය 3ක් විතර නිදාගෙන.. මිගාර කෝ..?
"අ..අපුර්ව.." ජිතේන්ද්‍රගේ කටහඬේ තිබුනේ තරමක කලබලයක්..
"යස් ජිතේන්ද්‍ර..?"
"කොහෙද ඉන්නේ..?"
"ගෙදර.."
"කලබල වෙන්න එපා.. ම්.. මිගාර.." මිගාරගේ නම ඇහුන හැටියේ අපුර්වට නිදිමත නැතුව ගිහින් නැගිටලා ඇඳෙන් ඉදගත්තා.
"මිගාර..??"
"පොඩි ඇක්සිඩන්ට් එකක් වෙලා.. කලබල වෙන්න එපා.."
"මොකක්..? මොකද්ද..? කොහෙද..? කෝ.. මිගාර..? ජිතේන්ද්‍ර කෝ මිගාර..?" අපුර්වට වචන ගැටගහගන්නවත් සිහියක් තිබුනේ නැහැ..
"ලංකා හොස්පිටල් එකේ.."
"ඔයා.. කොහෙද ඉන්නේ..? ජිතේන්ද්‍ර ප්ලීස් කියන්න.. මිගාරට මොකද..?"
"ඔයා කලබල වෙන්න එපා.. ඔයාව මම ගන්න එන්නද..?"
"නැහැ.. මම වාහනේ එන්නම්.."
"ඔයාගේ වාහනේ නේ මිගාර ආවේ.."
"ඔ..ඔයා කොහොමද ඒක දන්නේ..?" අපුර්වට කලබලේට අමතක වෙලා තිබුන එක ජිතේන්ද්‍ර කියද්දී අපුර්වට අමුත්තක් දැනුනා..
"අපුර්ව කලබල වෙන්න එපා.. කාම් ඩවුන්.. මම එන්නම් ඔයාව අරගන්න.."
"මිගාරගේ වාහනේ තියනවා.. මම ඒකෙ එන්නම්.."
"ඒකෙ කී එක මිගාර ගාව තිබුනේ.."
YOU ARE READING
ස්නේහ | Completed
Romanceමීට හරියටම අවුරුද්දකට කලින් මම හිටියේ මුලු හදවතටම අගුලු දාගෙන. ආදරය කියන්නේ මට මේ ලෝකේ තියෙන එක වචනයක් විතරක් වෙලා තිබ්බේ. උබ ආවේ කොහෙන්ද කොහොමද කියන්න මම දන්නේ නෑ අපූර්ව. හැබැයි උබ මාව පිස්සු වැට්ටුවා. ගෑණු දාහක් මැද උනත් එක දශමෙකින්වත් හෙලවුනේ...