49 කොටස

2K 245 12
                                    

මිගාරට සිහිය නැතුව මේ ගෙවෙන්නේ දෙවෙනි සතිය.. ඔෆිස් එකේ හැමෝම සිද්ද වෙච්ච දෙයින් ෂොක් වෙලා හිටියේ. පරාක්‍රම අපුර්වට මූණ දුන්නෙම නැති තරම්. මෙවන්ට සිද්දිය ගැන ලොකු තැකීමක් තිබ්බේ නැහැ.. හරියට මිගාර උන්නත් එකයි නැතත් එකයි වගේ.. පොලිස් ඉන්වෙස්ටිගේෂන්ස් වලින් තවම මොනවත් හොයාගන්න බැරි වුනා. වෙච්ච දේවල් නිසා අපුර්වගේ අපාර්ට්මන්ට් එක ගාව පොලිස් ආරක්ෂාව දාලා තිබුනේ.. අපුර්ව කොහේ හරි ගමනක් යද්දිත් සිවිල් පිට හිටපු පොලිසියේ දෙන්නෙක්ව එයාගේ ආරක්ෂාවට දාලා තිබුනේ අපුර්වගේ නිදහසට බාධාවක් නොවෙන්න. ජිතේන්ද්‍ර කතා කරපු සමහර දේවල් වලින් කෙලින්ම නොකිව්වත් අපුර්වට තේරුනේ ඒ පොලිස් ආරක්ෂාව දම්මලා තියෙන්නේ පරාක්‍රම කියලා..

භවන්, සචින්, භාතිය වගේම ශාක්‍යත් වෙච්ච දේ අදහගන්න බැරිව හිටියේ. කට්ටිය හැමදාම වගේ මිගාරව බලන්න ගියා.. අපුර්වට හැමදාම උදේ හවස දෙකේම යන්න ඕන වුනේ වැරදිලා හරි මිගාරට සිහිය ආවොත් එයාට ඒක මග ඇරෙයි කියලා හිතලා.. අපුර්ව එක්ක හැම වෙලේම වගේ ජිතේන්ද්‍ර ගියේ කියාරාට නෝට් නොවී තියෙන්න.. කියාරා හිටියේ සෑහෙන්න කලබල වෙලා.. ඒ නිසා අපුර්ව ආපු එක ගැන ලොකුවට හිතන්න තරම් එයාට වෙලාවක් තිබුනේ නැහැ.. මිගාරට වෙඩි වදිද්දී මිගාර ඩ්‍රයිව් කලේ අපුර්වගේ වාහනේ කියලා දැනගෙන හිටියේ හරිම සුළු පිරිසක්.. ඒ අතර කියාරා හිටියේ නැහැ..

අපුර්වගේ වාහනේ තිබුනේ පොලීසිය බාරේ.. පිටිපස්සේ වීදුරුව කුඩු වෙලා යන්නම බුලට් එක වැදිලා තිබ්බා.. වාහනේ ඩ්‍රයිවින් සීට් එක පැත්තකින් හිල් වෙලා තිබ්බෙත් බුලට් එකටමයි.. කලින් කරපු කම්ප්ලේන් වලට කට උත්තර දෙන්න පොලිසියට ගිය වෙලාවේ වාහනේ දැක්කාම අපුර්වට හිතේ තිබුන බර ගතිය තව වැඩි වුනා..

"ඩෙක්ස්ටර්..! ඔයාට මම නැතුව පාලුයිද..?" අපුර්ව තනියම වාහනේ එක්ක කතා කලා..

"මිගාරට එහෙම වෙද්දී එයා ලේ දැකලා බය වුනාද ඩෙක්ස්ටර්..?"

"එයාටත් මගේ තාත්තාට වගේම ඔයා එක්ක ඉද්දීම--" අපුර්ව කියන්න යද්දීම එයාට මොනවම හරි දෙයක් ඔලුවට ආවා..

ස්නේහ | CompletedWhere stories live. Discover now