Chapter 8

997 196 84
                                    

හවස තුන විතර වෙද්දි ජිමින් සහ ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ගෙ අපාට්මන්ට් එකට ආවා. එයාලා එනවා කියලා දැනගත්තු ටේහ්‍යොන්ග්ගෙ මැනේජර් උනු හෝසොකුත් ටේහ්‍යොන්ග්ගෙ අපාට්මන්ට් එකට ඇවිත් හිටියා.

වැඩි කතාබහක් නැති ටේහ්‍යොන්ග් ලිවින් රූම් එකේම රැඳෙද්දි හෝසොක් ජිමින් සහ ජන්ග්කුක් එක්ක කතා කරන ගමන්ම ඒ දෙන්නට කෝපි වලිනුයි ටේහ්‍යොන්ග්ගෙ අම්මා හදලා ගෙනත් දීපු කුකීස් වගයකිනුයි සංහ්‍රහ කරා.

"නම්හන්සන්සොං වලට මෙතන ඉඳන් ගොඩක් ළඟයි නේද?" කොෆී එකෙන් උගුරක් බොන ගමන් ජිමින් ඇහුවම හෝසොක් ඔලුව වැනුවා.

"ඔව්, මෙහෙ ඉඳන් කාර් එකේ විනාඩි 15 දුර."

"ඒකනෙ, කිම් මැන්ශන් එකේ ඉඳන් විනාඩි 40ක විතර දුරක් තියෙයි."

"යන්න එන්න පුළුවන් දුර නිසා මේ වතාවෙදි කොහොමත් accommodations දෙන එකක් නෑ. ගෙදර ඉඳන් යන්න වෙයි."

"ඔව්, ශූටින් ඉවර වෙන වෙලාව බලලා මොකක් හරි පිළිවෙලක් ගැන හිතනවා."

"හිම වැටෙන්න ගත්තම පාරවල් බ්ලොක් උනොත් තමයි අවුල.."

"එහෙම උනොත් මිස්ටර් මින් ඇක්ටර්ස්ලටයි, ස්ටාෆ් එකේ අයට‍යි නවතින්න තැනක් රෙඩි කරයි නේද?"

"හ්ම්ම්, ඔව්."

හෝසොක් සහ ජිමින් කතා කරන අතරෙ ජන්ග්කුක් වටේට ඇහැ යැව්වෙ ඒ වෙද්දිත් ටේහ්‍යොන්ග්ගෙ අපාට්මන්ට් එක මහ අමුතු එකක් කියලා හිතිලා තිබුනු නිසා.

He's Trouble [Taekook] ✔️Where stories live. Discover now