24 වන පරිච්ඡේදය

868 162 17
                                    

" ප්... ප්‍රින්සිපල් සර් "

මගේ මුන පුරා තිබුන හිනාව මැකිලා ගියේ අකුණක් ගැහුවා හා සමානව... ප්‍රින්සිපල් සර් වේවැලත් අතේ තියාගෙන මගේ ඉස්සරහා හිටන් හිටියේ... හරියට හොරෙන් අඹ කඩපු පොඩි එකෙක්ට ගහන්න වගේ... මගේ කකුල් පොලවට ඇලිලා ගිහින් එවා එක තැන නතර වෙලා... හරියට ගම් ගාලා අලවලා වගේ

දැන් නම් මගේ පපුවත් අසුහාරදට ගැහෙන්න අරගෙන තිබුනා... හිත කියන්නේ ම ප්‍රින්සිපල් සර් වැරදිලා හරි පනුවා මගේ ගෙදර ඉදන් එනවා දැකලා ඇති කියලා හිත කියලයි... ඊටත් ප්‍රින්සිපල් සර් මෙච්චර උදෙන් ම ඉස්කෝලේ එන්නෙත් නැහැ... මේ මනුස්සයා අද මොකද මේ කලියෙන් ම...

" අයාන් සර් එක්ක මට තියෙනවා දෙයක් කතා කර ගන්න "

" ග්... ගුඩ් මොනින් ප්‍රින්සිපල් සර්... මොනා ගැනද දන්නේ නැහැ නේ "

වචන පවා පැටලිලා ගිහින් තිබුනේ මන් ගොත ගහන ගමන් ප්‍රින්සිපල් සර්ට ගුඩ් මොනින් කියලා මොකද්ද කාරණේ කියලා අහද්දි... ප්‍රින්සිපල් සර්ට ඔය තරම් මොකද්ද මාත් එක්ක කතා කරන්න තියෙන්නේ... එදා මන් දශ්මිරගේ අම්මා ගැන අහපු එකවත් ද නැත්නම් එයාගෙයි මගෙයි සම්බන්දේ ගැනවත් ද... යාහ්හ් පනුවා ප්‍රින්සිපල් සර්ට කියලා ද එයායි මායි ආදරෙයි කියලා...

" ඔෆිස් එකට ආවා නම් අයාන් "

" හ්ම්ම් "

දාහෙට ගැහෙන පපුවත් අල්ලන් මන් ප්‍රින්සිපල් සර්ගේ පස්සෙන් එයාගේ ඔෆිස් එකට ගියේ... අතු ගාන ගමන් හිටිය අම්මාටත් හිනාවක් දීගෙනමයි... මේ යකා මට මාරුවක්වත් හදලා ද දන්නෙත් නැහැ එදා කෑ ගැහුව නිසා... වෙන්න මාමණ්ඩි කියලා බලන්නේ නැහැ දෙනවා ටොක්කක් ඔලුව හිල් වෙන්න... ඇයි වදේ...

" මේ අප්‍රියෙල්... හෙට නිවාඩු... සර් දැන් සාහිත්‍ය මිස්ලා එක්ක අවුරුදු උත්සවය ගැන කතා කෙරුවා ද "

" ආහ්... එක ගැන ද මේ මන් බය වුන හැටියක්... අම්මෝ "

අවුරුදු උත්සවය ගැන ද... ආහ්හ්... පපුවත් අත ගාන ගමන් මන් හිනා වුනේ ප්‍රින්සිපල් සර් අලුත් අවුරුදු උත්සවය ගැන කතා කරන කොට... මන් හිතුවේ ම පනුවා වැඩේ කාලා ඇති කියලානේ... එත් කොහෙද ඉතින් තියෙන කලබලේට හිතින් වෙනුවෙන් අරක කියලා තිබ්බේ කටින් වෙද්දි... කණ්ණාඩිය කටින් මන් දිහා බලපු වෙන්න මාමණ්ඩියා මගෙන් මොකද්ද කියලා ඇහුවේ මන් මොකුත් නැහැ කියලා හිනාවක් දෙද්දි...

දුරුතු සඳ | 𝐀𝐑𝐓 𝐎𝐅 𝐇𝐄𝐀𝐋𝐈𝐍𝐆 ( ꪗɀ / ꪮ᭢ᦋꪮỉ᭢ᦋ )Where stories live. Discover now