"අපූර්ව..!!!" තව විනාඩි කීපයක් යද්දී පරාක්‍රමගේ කැබින් එක ඇතුලට ආපූ මිගාර කෑගැහුවා.
"මිගාර.. හොඳටම ඇති තමුන්ගේ මේ විකාර දැන්!" පරාක්‍රම හිටියේ ඉවසීමේ සීමාව පහුකරන ගමන්.
"මේක විකාරයක් කරගෙන තියෙන්නේ ඔයයි සීයා.. මට මේක මගේ ජිවිතේ.. මගේ ආද—"
"මිගාර..!! මම සැරයක් කිව්වා. කවදාවත්ම නොවෙන දේවල් ගැන හීන දකින්න එපා.!! ඕනවට වඩා මේ පිස්සුව දුරදිග ගෙනියන්න හැදුවොත් අකැමැත්තෙන් හරි මට තමුන්ව සයිකැට්‍රිස්ට් කෙනෙක් ගාවට එක්කන් ගිහින් පෙන්නන්න වෙනවා.." පරාක්‍රම කියද්දී මිගාරගේ මූණේ ඇඳුනේ සමච්චල් හිනාවක්.
"හහහහ්හා.. සයිකැට්‍රිස්ට් කෙනෙක් ගාවට..?? සීරියස්ලි සීයා..? ඔයාට මම ආදරේ කරන එකද මානසික රෝගයක් වගේ පේන්නේ..?? සීරියස්ලි..? වාව් සීයා..!! වාව්..!! සයිකැට්‍රිස්ට් කෙනෙක් ගාවට ගෙනියන්නම ඕන මිනීමරුවෙක්ව මුලු ලෝකයක් ඉස්සරහම සුදනා කරලා බේරගත්ත ඔයාමද මේ කතා කරන්නේ..?" මිගාර කිව්වේ හිතට දැනුන වේදනාව ඇස්වලින් පනින්න ඉඩ නොදී වලක්වන ගමන්.
"මිගාර..!!!!!!" පරාක්‍රම ගිගුරුවේ මිගාරගේ සමච්ච්ල් හිනාව දරාගන්න බැරි තැන..
තමන්ව ටිකක් හරි තේරුම් ගනීවි කියලා හිතපු මනුස්සයාම තමන්ව තේරුම් නොගන්න බව තේරෙන කොට දැනෙන අසරණකම මිගාරට දැනුනා. අපූර්ව හිටියේ ෂොක් එකෙන්. එයාට වටපිටේ වෙන්නේ මොනවද කියලා ලොකු තේරුමක් තිබුනේ නැහැ. දැන් වුනත් මිගාර පරාක්‍රම අතර වෙන බහින්බස් වීමට වඩා DIG කියපු දේ.. පරාක්‍රම එයාගෙන් ඉල්ලපු දේ.. මෙවන් එයාට කියපු දේ.. එයාගෙම හිතට දැනෙන දේ එක්ක එයා තනියම හිත ඇතුලේ අරගලයක හිටියේ.
(මිගාරට මං නිසා කරදරයක් වෙයිද..? මම මිගාර එක්ක හිටියොත් මරණ තර්ජනය තියෙන්නේ මට.. මොකද මිගාරව රිද්දන්න මෙවන් මරන්න තෝරාගන්නේ මාව.. මෙවන් කවදාවත්ම මිගාරව මරන්නේ නැහැ.. එයාට ඕන මිගාර දුක් විඳ විඳ ජිවත් වෙන්න.. අඩුම තරමේ එයා ජිවත් වෙනවා.. ඒත්..! මිගාර මාත් එක්ක හිටියොත් එයාට ජීවිත තර්ජනයක් තියනවා.. එක පාරක් වුන දේ ආයෙම වෙන්න බැරි නැහැ.. ආයෙම සැරයක් දෙන්නවම වුනත් මරලා දාන්න කියලා කමාන්ඩ් එක හම්බෙලා නම් තියෙන්නේ..? ඒ කියන්නේ..? මම මිගාරව ඈත් කරලා තනියම හිටියොත්..? එතකොට..? මිගාරව මේ ප්‍රශ්නෙන් නිකන්ම අයින් වෙනවා..)
YOU ARE READING
ස්නේහ | Completed
Romanceමීට හරියටම අවුරුද්දකට කලින් මම හිටියේ මුලු හදවතටම අගුලු දාගෙන. ආදරය කියන්නේ මට මේ ලෝකේ තියෙන එක වචනයක් විතරක් වෙලා තිබ්බේ. උබ ආවේ කොහෙන්ද කොහොමද කියන්න මම දන්නේ නෑ අපූර්ව. හැබැයි උබ මාව පිස්සු වැට්ටුවා. ගෑණු දාහක් මැද උනත් එක දශමෙකින්වත් හෙලවුනේ...