25 වන පරිච්ඡේදය

881 171 15
                                    

" අයාන් සර් "

" ආහ්... නාලිකා මිස්... ඉතින් කොහොම ද මිස් "

නාලිකා මිස්... මගේ ඉස්සරහාට ආපු මිස්ට හිනාවක් දුන්න මන් නතර වෙලා මිස්ගෙන් කොහොම ද කියලා ඇහුවේ පොඩි එකා මිස්ට නොදැනි මගේ ඉන කොනිත්තන කොට... එක ඉස්කෝලේ උගන්වන ගුරුවරයෙක් ලඟට ඇවිත් කතා කරන කොට ගස්සන් යන්න පුළුවන් ද නොදැක්කා ගානට හැසිරෙන්න පුළුවන් ද එහෙම කරන්නේ කොහොමද... පොඩි එකාට රැව්ව මන් මිස් එක්ක කතා කෙරුවා... නැත්නම් හිතයි අයාන් සර්ගේ හරි ඔලුව කියලා... මන් ආස නැහැ මන් ගැන කවුරුත් එහෙම හිතනවාට...

නාලිකා මිස්... එයා උගන්වන්නේ කොමස් පංති වලට විතරයි... කොමස් පංති විතරයි කියලා කියන්නේ මෙහේ ඉන්න සමහර උසස් පෙල ගුරුවරු සාමාන්‍ය පංති වලටත් උගන්වනවා... එත් නාලිකා මිස් ඇතුලු මායි තව ටික දෙනෙකුයි විතරයි උසස් පෙළ විතරක් ම බලන්නේ... දශ්මිරලාට ව්‍යාකරණ උගන්වන මිස් තමයි සාමාන්‍ය පංති වලටත් සිංහල කරන්නේ එක නිසයි... ඒ මිස්ට ව්‍යාකරණ විතරක් දිලා සාහිත්‍ය පැත්තට මට දුන්නේ...

" වරදක් නැහැ අයාන් සර්... කන්න ද යන්නේ යන් මාත් මේ ස්ටාෆ් රුම් එක පැත්තට තමයි යන්නේ... "

හරි නේ... විනාඩි ගානක් ම මාත් එක්ක කියෙව්ව මිස් අන්තිමට මට කන්න යන්න කතා කෙරුවේ මන් පොඩි එකා දිහා බලද්දි... බලන්න බැහැ... පිච්චිලා යන තරම් පොඩි එකා ඇවිලෙනවා... මායි මිසුයි කතා කරන නිසා ම පොඩි එකා එහාට වෙලා ඉදන් හිටියේ... මන් කරගන්න දෙයක් නැතිව ඔහේ ඉද්දි...

අනේ කොල්ලෝ ඇවිත් මාව එක්කන් පලයන් කෝ මගේ හිත පුංචි එකාට කෑ මොර දෙනවා... අනික කොහේ කන්නද මන් කැම ගෙනාව එකක් ද... පනුවා කැම ගෙනවා කිව්ව නිසා මන් කැන්ටින් එකෙන් පවා මොකුත් ගත්තේ නැහැ... ඊටත් පුංචි එකාව දාලා ගිහින් මට කන්නත් බැහැ... දැන් මන් මිස් එක්ක වැරදිලා හරි කන්න ගියොත් එයා මාත් එකක් රණ්ඩු කරන්න හදයි... ම්න්... මන් ආස නැහැ කවුරු තරහා වෙලා රණ්ඩු කරත් මෙවුල් මාත් එක්ක රණ්ඩු වෙනවාට... එතකොට රිදෙනවා නේ මට

" නැහැ මිස් මන් උදෙන් ම කැවා... මේ දශ්මිර පුතාගේ ඔලුව පොඩ්ඩක් රිදෙනවා ලුනේ මිස්... මන් ප්‍රින්සිපල් සර් ගාවට අර ගෙන යන ගමන්... නාලිකා මිස් ගිහින් කැම කන්න "

දුරුතු සඳ | 𝐀𝐑𝐓 𝐎𝐅 𝐇𝐄𝐀𝐋𝐈𝐍𝐆 ( ꪗɀ / ꪮ᭢ᦋꪮỉ᭢ᦋ )Where stories live. Discover now