52 කොටස

1.9K 230 4
                                    

දැන් පැයක් තිස්සේ මිගාරගෙන් එන කෝල්ස් ඔහේ රින්ග් වෙලා කට් වෙලා යනකන් බලන් හිටපු අපුර්ව බර හුස්මක් පහලට දැම්මේ හිතපු තරම් ලේසියෙන් මේක ඉවරයක් නොවෙන බව දැනගෙන.. මැසේජ් පිට මැසේජ් ආවත් ඒ හැම මැසේජ් එකක්ම කියවන්නේ නැතුවම ඩිලීට් කලේ එහෙම කරද්දීවත් මිගාරට එපා වෙලා නවත්තයි කියලා හිතලා.. නැහැ.. මේක එච්චර ලේසි වෙන්න විදියක් නැහැ කොහොමවත්..

Don't you dare think I will give up on you this easily.. You belong with me.. Nothing can snatch you from me.. Not even death can do us apart.. YOU ARE MINE..!! Remember that..!!

අපුර්ව මිගාරගේ නම්බර් එක බ්ලොක් කරන්න යද්දී අන්තිමට එවපු මැසේජ් එකේ තිබුනේ එහෙම.. අද දවල් ඉඳලම මේක ඔලුවෙන් ප්ලෑන් කරද්දීම අපුර්ව මෙහෙම දේවල් බලාපොරොත්තු වුනා. ටික කාලෙකින් මේක නවතියි කියලා හිතන්න තරම් අපුර්ව මෝඩ වුනේ නැහැ.. මොකද ඒ මිගාර.. පිස්සුවෙන් වගේ අපුර්වට ආදරේ කරන මිගාර.. ලේසියෙන් මේක අල්ලලා දාවී කියලා හිතන්නවත් අපුර්වට බැහැ..ඇයි මෙහෙම කරන්න හිතුවේ කියන එකට උත්තරයක් නැතත් අපුර්වට ඕන වුනේ පුළුවන් තරම් කාලයක් මිගාරව එයාගෙන් ඈත් කරලා තියන්න.. අඩුම තරමේ මේක පිටිපසසේ කවුද ඉන්නේ කියලා හොයාගන්නකන්වත්.. හොඳින් කියලා තේරුම් කරලා මිගාරට අයින් වෙලා ඉන්න කිව්වොත් ඒක වෙන්නේ නැති බව හොඳටම දන්න නිසා අපුර්වට කරන්න පුළුවන් කියලා ඔලුවට ආවේ මේක විතරයි.. හැමෝම කියපු දේවල් එකින් එක ඔලුව ඇතුලේ දෝංකාර දෙද්දී ගන්න පුළුවන් අමාරුම තීරණය ගන්න හිත හදාගත්තේ කොහොමද කියන්න අපුර්වවත් දන්නේ නැහැ..

ඊළඟ දවසේ ඔෆිස් යන එක තමයි ලොකුම චැලේන්ජ් එක වුනේ.. තව මාස තුනකින් රිසයින් වෙනවා කියලා ලෙටර් එක අද HR එකට භාර දෙන්න ඕන නිසා ඔෆිස් එකට නොගිහිනුත් බැහැ.. ඊයේ වෙච්ච ප්‍රශ්නේ නිසා යන්නත් බැහැ.. ඊයේ දවල්ම භවන්ට කතා කරලා එයාගේ වාහනේ දවස් කීපෙකට ඉල්ලගන්න අපුර්ව හිතුවේ තාත්තාගේ තව වාහනයක් ඉල්ලගන්න බාප්පා ගාවට යන්න හිත දුන්නේ නැති නිසා. කියපු පරක්කුවට භවන් වාහනේ අපාර්ට්මන්ට් පාර්කින් එකේ නවත්තලා ගිහින් තිබුනා.

තවම පොලිස් ආරක්ෂාව අයින් කරලා තිබුනේ නැහැ.. දැන් සෑහෙන්න කාලයක් තිස්සේ බයික්ස් ෆලෝ කරන එක නැවතිලා තිබුනත් තවම ඉතුරු අයව අල්ලගත්තේ නැති නිසා ආරක්ෂාව අඩු නොකර ඉන්න පොලිසිය තීරණය කරලා තිබුනා..

ස්නේහ | CompletedDove le storie prendono vita. Scoprilo ora