53 කොටස

1.9K 240 12
                                    

අපුර්ව ඇස් දෙක තද කරලා පියාගත්තේ ඊයේ ඉඳන් මේ වෙනකන් කරපු සේරම සෙල්ලම් දැන් ඉවරයි කියලා දැනගෙන.. ආයේ බර හුස්මක් පිට කරලා ලොකු හුස්මක් උඩට ඇදලා හිරකරගත්තේ හිත සන්සුන් කරගන්න වගේ. මේන් ලයිට් එක ඩිම් කරලා දාලා තිබ්බ නිසා වටපිටාවේ තිබ්බේ අඳුරු කහ පාටක්.. දැන් ටිකකට කලින් පටන් ගත්ත මහා වැස්ස තව වැඩි කළා මිසක් අඩුවක් තිබුනේ නැහැ..

"Oh.. You love to play hide and seek, don't you..?" මහා සද්දෙන් ගොරවන හඬ අස්සෙන් ඇහුන මේ කටහඬ අදුරගන්න ආයේ පිටිපස්ස හැරිලා බලන්නවත් අපුර්වට ඕන නැහැ..

"මි..ගා..ර..!" අපුර්ව ඉන්නේ උඩට ගත්ත හුස්ම තවම තද කරගත්ත ගමන්..

"හායි.." මිගාරගේ මූණ පේන්නේ නැතුවම උනත් අපුර්වට මිගාරගේ කට කොණේ ඇඳුන සමච්චල් හිනාව මැවිලා පේනවා..

"ඔ..ඔයා.. කොහොමද.. ඇතුලට.. ආවේ..?" තාමත් තමන්ගේ කටින් වචන පිටවෙන එකට අපුර්වටම පුදුමයි..

"ඇයි මම පාස්වර්ඩ් එක දැනගෙන හිටියනේ.." මිගාර තවමත් කතා කරන්නේ සමච්චලේට..

"ම..මම.. ඒක ඊයේ වෙනස් ක..කලානේ.."

"ඔහ්.. සෑහෙන්න ලොකු ප්ලෑන් එකකට නේද එහෙනම් ඊයේ ලොකු මහත්තයා වැඩ කරලා තියෙන්නේ..?"

"කො..කොහොමද.. ඔයා..?"

"මට වෛර කරනවා, මාව පේන්න බැහැ කියලා දහ අතේ දිවුරපු මිනිහා, මට එන්න බැරි වෙන්න කියලා හිතලා මහ ලොකුවට ප්ලෑන් කරලා චේන්ජ් කරපු ගෙදර පාස්වර්ඩ් එකට මගේ බර්ත්ඩේ එකම දාලා තියන එක ඔයාගේ ඩ්‍රාමා එකේ ස්ක්‍රිප්ට් එකට පොඩ්ඩක් සෙට් වෙන්නේ නැහැ වගේ නේද..? ඒ ටික හරියට හිතලා කරගන්න බැරි වුනාද...?"

"ෂිට්..!" අපුර්වට ඉබේම කියවුනා..

"ඔයාට ඊයේ ඉඳන්ම ස්ක්‍රිප්ට් හදලා, ප්ලෑන් කරලා, රඟපාලා මහන්සිත් ඇතිනේ නේද..?"

"මි..ගාර.." කියන්න දාහක් දේ හිතට ආවත් ඒවා වචන වලට පෙරලෙන්නේ නැත්තේ මිගාරගේ මේ හැසිරීම ඇත්තටම හිත ගැස්සෙන තරම් භයානක වුන නිසා..

"ට්ස්ක්.. ට්ස්ක්.. ට්ස්ක්.. වචන එන්නේ නැහැ..?" මිගාරගේ කටහඬේ තිබුනේ වියරු වැටුන පාටක්.. තවමත් අපුර්වගේ කණ් පෙත්තේ ගෑවී නොගෑවී කතා කරන මිගාරගේ උණු හුස්ම කම්මුලේ වදිද්දී අපුර්වට මේ සේරම පැත්තකට දාලා ඕන දෙයක් වෙච්ච දෙන් කියලා හිතලා මිගාරට තුරුල් වෙන්න තරමට හිතුනත් මේ ඒකට වෙලාව නොවෙන බව දැනුනා..

ස්නේහ | CompletedNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ