"යෝ බ්‍රෝ එන්න එන්න වාඩිවෙන්න ... ඔන්න අද මගේ හබ්බා ගානේ ලන්ච් එක ඕකේ .. උබට කොෆී එකක් බොන්න එන්න කියුවට මොකෝ දැන් 2ටත් කිට්ටුයි ලන්ච් එකම ගමු ඈ "
තිමිරගේ එහා පැත්තේ හිටියේ එයාගේ බෝයි තමා ඒත් ඒ කෙනා හරිම හුරුයි ... ඒ මූණේ හැඩරුව නිකන් එයත් වගේ .. එහෙම වෙන්න විදියක් නෑනේ ... එයාට සහෝදරයෝ කවුරුත් නෑනේ ... අනේ මන්දා එක වගේ හත් දෙනෙක් ඉන්නවා කියලත් කියනවනේ ... ඕන එකක් ...ම්ම් ඒ කොල්ලා ටිකක් බොසී වයිබ් මං හිතන්නේ අපේකා තමා මෙතන බොටමා .. හම්මෝ ..."අහ් ... දැන් ලන්ච් ගන්න බෑ බන් .... අනික මේ ?? "
කියලා මං බැලුවේ තිමිරගේ බෝයි දිහා .. මොකෝ මෙතනට ආපු ගමන් තිමිරයා කියවන්න ගත්තා මිසක් ඌව අඳුන්නලා දුන්නේ නෑනේ ..
" ආ මේ අපේ අල්ලපු ගෙදර මිනිහගේ අක්කගේ දුවගේ පුංචිගේ බාප්පගේ බල්ලගේ හොරගෑනිගෙ ගෙදර ඉන්න එකා ... ඇයි යකූ තෝ හිතුවද මං එක එකාව පාරෙන් ඇහිඳන් ඇවිල්ලා කන්න දෙනවා කියලා උබට මෙතන එන්න කියුව හේතු වුන එකා තමා මේ හැයි අනේ ඩොකෙක් උනේ අත උස්ස්ස්බ්ග්ද්ඩ්ජ්ඩ්ම්ස්ම් ..."
අනේ අම්මෙ මේ කියවිල්ල අරූ දරාගෙන ඉන්නේ කොහොමද .. උබව නොදන්නවා උනට උබට මගේ සාතීශය සංවේගය බ්‍රෝ .. කවුද මේ කියලා ඇහුවා විතරයි මේ මෝඩස් කියවගෙන කියවගෙන යන්න ගද්දී මං බලාගෙන මගේ වගේම උගේ බෝයිගේ මූණත් ඇඹුල් වෙලා යනවා ඇයි ඉතින් තිමිරයා ඌව හඳුන්නලා දුන්නේ නිකන් ඇඟ විකුණන් කන එකෙක් ගානට දාලානේ ... ඌට ඒ කච කචේ දරාගන්න බැරිම තැන තිමිරයගේ මූණෙන් අල්ලලා දුන්නා නේද ප්‍රසිද්ධියේම කිස් එකක් ...හනේ මගේ තනිකඩ හිත ...
" අහ්හ් කිස් දෙන්නේ එහෙම හුම්ම් ... "
යකෝ මෙන්න දවසේ හොඳම විහිළුව මුට ලැජ්ජාව දැනෙනවා හම්මෝ.... ඉඳපන් උබ ඔහොම මාවනේ මෙච්චර කල් පාච්චල් කරේ මම සුදුඅප්පච්චියෙක් වෙලා දෝණි නැති දුක ව්ඳවනවා කියලා හිටපන් අද ඉඳන් උබ ඉවරයි පුතෝ හම්මෝ
" Hi , I'm Mahima Sanul nice to meet you "
"අහ් I'm Ayosh wijekoon same here "
අරූ අඳුන්වලා දෙනකන් බලං හිටපු අපි දෙන්නම මෝඩයෝ කියලා තේරුම්ගත්ත නිසාද කොහෙද ඌ අත දික් කරලා හරිම ප්‍රොෆෙශනල් විදියට එයාව මට අඳුන්නලා දුන්නේ ... ඒක අහම්බයක්ද එක වගේම රූප එක වගේම නම් තියෙන එකත් ...
ESTÁS LEYENDO
_~ අහස් රාගය ~_
No Ficciónතරු පිපුණු රෑ අහසේ සුපිපුණූ සඳ මඩල යට විකසිත වූ හදේ හුස්ම දියකරමි නුඹ මායාවේ ...... ❤️❤️❤️ මහ වැසි මැද කුනාටු අභියස වුවද රැඳෙමි ඔය දෑත මත ඉඩෝරයට වැටී මහ වැස්සක්ව...... 💛💛💛