54 කොටස

2.1K 228 12
                                    

"සිරාවටම උඹ වගේ මෝඩයෙක් බං.." භවන් කිව්වේ ශාක්‍යව පස්සෙන් එහාට තල්ලු කර කර සෙටි එකේ ඉඳගන්න ඉඩ හදාගන්න ගමන්..

"මොන මගුලක්ද සුදූ මගේ අස්සෙම රිංගන්නේ.. අර එහා පැත්තෙන් ඉදගන්නවකෝ.." මෙච්චර ඉඩ තියෙද්දිත් එයාගේ අස්සෙම රිංගන්න එන භවන්ට බැන බැන උනත් ඉඩ දෙන ගමන් ශාක්‍ය කිව්වේ මූණ ඇද කරගෙන..

"අනේ.. අනේ චූටි අයියේ.. වුබර්ලත් මාළුවා අල්ලගන්නකන් විතරයි හැම කැටයමම නේද..? මාව දැලේ දාගන්නකන් අපුර්වයා උඹට මතකද මේ සෙටි එකේම.. හරියටම මෙන්න මේ සෙටි එකේම මූ මම ඈතට වෙලා ඉඳගන්න ඉඳගන්න මගේ අස්සේ රිංගුවා නිකන්මී වදයක් දැකපු වලහෙක් වගේ.. දැන් තමයි වුබර්ට මම වුබෙර් අස්සේ රිංගන්න එන එක වදයක් වෙලා තියෙන්නේ.. ඔව්.. ඔව්.. දැන් ගහලා ඉවර--"

"දෙයියන්ගේ නාමෙට--" ශාක්‍ය භවන්ගේ කට අතින් තද කරගෙන කියන්න හදද්දිම..

"කට වහන් ඉඳපන් සුදූ..!!!" අපුර්ව සචින් දෙන්නා ඒක සම්පුර්ණ කළා..

"බ්බ්.. බ්බ්බ්.. අතගනින් චූටි අයියේ මගුල.. කැච වැහන් ඉජපන් නෙමෙයි.. අපුර්ව.. උඹ වගේ මෝඩ ගොන් හත්තිලව්වක් යකෝ.." ශාක්‍යගේ අත බලෙන්ම අහකට තල්ලු කරලා දාලා භවන් ආයේ අපුර්ව දිහාවට හැරුනා..

"මොකද බං මොකද..?"

"ලොකු මස්සිනාට ඇතුලට එන්න බැරි වෙන්න පාස්වර්ඩ් මාරු කරන්න කියලා හිතලා උඹ උගේම බර්ත්ඩේ එක පාස්වර්ඩ් එකට දැම්මේ..? සිරාවටම උඹට දෝදුද..?"

"එදා කලබල වෙලා හිටපු හැටියට මට ඔලුවට ආපු මතක තියාගන්න ලේසි එකක් දැම්මේ බං.. කවුද හිතුවේ මේ යකා ඕක ගෙස් කරයි කියලා.."

"මේක අපිට මහා ලැජ්ජාවක් බං.. ප්ලෑන් කරලා කරන්න යන එකක්වත් මේ මහා පගයෝ තුන් දෙනාට නෝන්ඩි නොවී කරගන්න බැහැ.." භවන් ඉඳගෙන හිටපු තැනින් නැගිටලා ඩයිනින් ටේබල් එක ගාවට ගියේ ආපු වෙලාවේ ඉඳන් මේ වෙනකන්ම වෙච්ච දේ අහලා අපුර්වට බැනලා බැනලාම මහන්සි තැන වතුර එකක් බොන්න හිතාගෙන..

"සිරාවටම බං..! මංම කී වතාවක් ලැජ්ජ වුනාද.." සචින් කිව්වේ කිසිම කරදරයක් නැතුව හරිම තැන්පත් විදියට පාඩුවේ ෆෝන් එකෙන් නවල් එකක් කියවන භාතිය දිහාවට හොර බැල්මක් දාලා..

ස්නේහ | CompletedWhere stories live. Discover now