MEEN - 21 🐬

386 55 28
                                    

නිල් පාට තැන්වල මිරේකල්ස් ගොඩයි..
ඒ කතාව ඇස් මනාපිට ඇත්තක් කරන තැනක් තමයි යුනි එකේ පොකුණ..ඊටත් ඒක තමයි ගාඩියන් ඔෆ්ද ඕෂන් කමිටි එකේ පරම පිවිතුරු වත්කම..දෙදාහේ මුතුන් මිතු සයුර රකින්නො ඉතුරු කරලා ගියපු ලොකුම මතක සටහන..
යුනි එකේ මෙතනට නොයෙන කෙනෙක් නැතිම තරම්..සමහරක් විට ඒක ඒතරම්ම දෙයක් වෙන්නෙ පොකුණ මැදින් එහා අයින මෙහා අයින යාවෙන පාලම නිසාම වෙන්න ඇති...ඒක නිකම්ම නිකම් පාලමක් නෙමෙයි..
ආදරවන්තයටනම් ඒක තමයි ප්‍රේමයේ පාලම..හුදෙකලාවට කැමති අයට නම් ඒක තමයි නිදහසේ පාලම..සමහර අය නිවුණ තවත් අයව නිවන හැඟීම් පිරුණ නිල් පාට මායාවකට මඟ කියන පාරක් ඒක..ඒ මායාවට පණ දෙන කිසි වගක් නැතුව එහා මෙහා වරල් ගහලා පීනන මාළු...විනිවිද වතුරට පාට තීන්ත වැටිලා වගේ ලස්සනක්...

"අම්ඩෝ..මූනම් පුදුම පාන් පෙරේතයෙක් බන්..ගිය ආත්මේ මැරිච්ච බේකරි කාරයෙක්ද කොහෙද....!"

මිලාන් තවත් පාන් කෑලි කඩලා පහළට දැම්මේ සුපුරුදු අදෝනාවෙන්ම..

"කෝ මොකාද...?"
සාහිලුත් ඒ ගමන්ම මිලාන් ළඟට ආවා..

අදනම් ප්‍රේමයේ පාලම සයුර රකින්නො අක්‍රමණය කරලා..පාලමේ එක අයිනකින් දිල්ගෙන් පටන් ගත්තම මේ අයිනෙ අනුරාධ්ගෙන් ඉවරවෙනකන්ම පේළියට හත් දෙනාම පුංචි මායාවක බඩගින්න නිවන්න ලොකු මහන්සියක..

"ඔය ඔය මූ...බලහන් පෙරේතකම...!"

"ආහ්...කට නම් උඹ වගේමයි.."

"අනේ පලයන් හු## !"

"ඒ දිල් තව කෑල්ලක්..මේ පැත්තෙ උන් හුඟක් ඉන්නවා..."

ඩිලන් දිල්ට අත දික්කලත් හරි කෙල්ල බෑග් එකෙන් පාන් පෙති තුන හතරක් කොල්ලගෙ අතින් තිබ්බා..පෙති පාන් සඳහා සාදර අනුග්‍රහය දිල්කුශි ක්‍රිශ්නජිත්..
එහෙන් මෙහෙන් කනට වැටෙන කතන්දර බෝමයි..විදත් ලාවට වගේ ඒවට කන් දෙන ගමන් වැටට හේත්තු වෙලා වතුරට පාන් කෑලි විසි කළේ අර ඕනවට එපාවට...එක කෑල්ලක් වැටිලා අනික් කෑල්ල වැටෙන්නෙ ඊට සෑහෙන වෙලාවකට පස්සෙ වෙද්දි විදත් ළඟ ඉන්න මාළුනම් ඉවසීම ප්‍රගුණ කරනවා..උන්ට කතාකරන්න පුළුවන්නම් කොල්ලා හොඳවයින් අහගෙන..

මීන් | MEEN Where stories live. Discover now