55 කොටස

1.9K 234 7
                                    

මිගාර, ජිතේන්ද්‍ර කැෆේ එක තියන ෆ්ලො එකට දිව්වේ හිතන්නවත් වෙලාව නාස්ති නොකර.. ඉතිරි හැමෝම ඒ දිහා බලන් හිටියේ මොකද්ද දැන් කරන්න ඕන කියලා හිතාගන්න බැරිව..

"ලොකූ.. කාම් ඩවුන්.. මුකුත් අවුලක් වෙන්න විදියක් නැහැ..." ලිෆ්ට් එක ෆ්ලො එකෙන් ෆ්ලො එක පහලට යන වාරයක් ගානේ අමාරුවෙන් හුස්ම ගන්න මිගාර දිහා බලලා ජිතේන්ද්‍ර කිව්වේ මිගාරගේ උරහිසට අත තියලා..

"ඔව්.. මුකුත් වෙලා නැහැ.. මම මේ නිකන් බය වෙලා ඉන්නේ.. මුකුත් වෙලා නැහැ.." තමන්වම සනසගන්න මිගාර කියද්දී ජිතේන්ද්‍ර බලන් හිටියේ නොඉවසිල්ලෙන් මිරිකගන්න මිගාරගේ ඇඟිලි දිහා..

ලිෆ්ට් එකේ දොර ඇරෙනවත් එක්කම මිගාර කලබලෙන් එලියට ආවේ බාගෙට ඇරිලා තිබුන ලිෆ්ට් එකේ දොරේ ඔලුව පවා හැප්පෙද්ද්දී.. ඒ ගැන හිතන්නවත් මිගාරට සිහියක් තිබුනේ නැහැ.. ජෙනරේටර් රූම් එක පහු කරලා කැෆේ එක ලඟට යද්දී සිකියුරිටි එකෙන් තවම එතන හිටගෙන ඉන්නවා ඕඩර් කරපු කෑම ටිකත් තියාගෙන..

"ආහ්.. සර්... අපුර්ව සර්ද..? මං කෝල් කරලා ගොඩ--"

"නෑ.. අපූර්ව දැන් විනාඩි පහලවකට විතර කලින් මෙතනට ආවානේ.." මිගාර උත්තර නොදී ගල් ගැහිලා ඉන්න තැන ජිතේන්ද්‍ර උත්තර දුන්නා..

"හාහ්..? නෑ.. කවුරුත් ආවේ නැහැනේ.. මං මෙතන දැන් විනාඩි විස්සක් විතර.. මේ කෑම ටිකත් එහෙමමයි.." සිකියුරිටි එකෙන් කිව්වේ අතේ තිබ්බ කෑම පාර්සල් ටික ජිතේන්ද්‍ර දිහාවට දික් කරන ගමන්..

"නෑ.. අ..පුර්ව ජෙනරේ..ටර් රූම් එක ගා..වින් මේ පැත්ත...ට හැරුනා.." මිගාර ඒ දිහාවට අත දික් කරලා කිව්වේ වෙන සිහියකින් වගේ..

"ඔතන වංගුවෙන්...? නැහැ සර්.. කවුරුත් ආවේ නැහැ.. ආවා නම් මම මේක දීලා ගිහින් නේ.."

"හරි.. පුතා ඔයා යන්න.. අපි බලන්නම්.." ජිතේන්ද්‍ර පර්ස් එකෙන් ගත්ත රුපියල් පන්සීයක් සිකියුරිටි ළමයගේ අතේ තියලා පිටත් කළා..

"අ..අපූර්ව.. එතනින් ආවා.." මිගාර තවම ඉන්නේ වෙන .සිහියක..

"ලොකූ.. ඔයා කොහොමද ෂුවර් කරලා කියන්නේ අපුර්ව එතනින් ආවා කියලා.."

ස්නේහ | CompletedМесто, где живут истории. Откройте их для себя