56 කොටස

1.8K 236 14
                                    

"මට මෙහෙම කරන්න එපා.. මම ඔයාගේ පුතා දෙයියනේ.. පුතා.. ඔයාගේම ලේ වලින් හැදුන පුතා.. මගේ කැමැත්තෙන් නෙමෙයි මම මේ ලෝකෙට බිහි වුනේ.. මම ඔයාව අම්මගෙන් ඈත් කලේ නැහැ... ඒත් ඔයාට එහෙම දැනුනා නම් මට ඒකට සමාවෙන්න.. මට මෙහෙම දඩුවම් කරන්න එපා.. මම ඔයාගේ ජීවිතෙන් යන්නම යන්නම්.. මේ දේ කරන්න එපා.. ආයේ ඔයාගේ ඇස් වලට පේන්නවත් එන්නේ නැති වෙන්න මම අතුරුදහන් වෙලාම යන්නම්.. මට හිඟමනක් දෙනවා කියලා හිතලා මේ දේ දෙන්න.. මට හරිම මහන්සි.. මගේම අප්පච්චීගෙන් මගේ ආදරේ පරිස්සම් කරලා මට මහන්සි.." මිගාරට දැනුනේ කියාගන්න බැරි තරමේ වෙහෙසක්.. තමන්ගෙම තාත්තා තමන්ගේ ආදරේ උදුරගන්න යද්දී එතනින් එහාට මොකද්ද කරන්න ඕන කියලා හිතන්න තරම් එයාට ශක්තියක් නැහැ.. ඉතින් එයා එයාගේ ආදරේ ඉල්ලලා මෙවන් ඉස්සරහා හිඟා කාලා වැඳ වැටුනා..

"අහ්.. අනේ.. මගේ පුතේ.. මට හරියට දුක හිතුනා.. මම උඹට එහෙනම් යන්න දෙන්නම්.. ගිහින් දෙන්නම සතුටින් ජිවත් වෙන්න.. බුදුසරණයි..!" මෙවන්ගේ සමච්චල් කටහඬ ඇහෙද්දීම අරවින්දත් ඒ දිහාවට හැරිලා හිනා වුනේ මිගාරගේ හිත තව තව පොඩි වෙලා යද්දී මූණේ ඇඳෙන අසරණකමට..

"මාව මරලා දාන්න.. මම පොඩ්ඩක්වත් තරහ නැහැ.. ඒත්.. ඒත්.. මෙහෙම කරන්න එපා.. "

"අවුරුදු ගානක ඉඳන් මගේ තියන වෛරය උඹේ මේ දෙකයි පනහේ දෙබසකින් නැති වෙයි කියලා උඹ නිකමටවත් හිතුවේ නැහැ නේද මගේ පුතේ..? හිතුනා නම් කියපන්.. ඒක මට මහ ලැජ්ජාවක්!" මෙවන් කියද්දී එයා මේ වැඳ වැටෙන්නේ හිතක් පපුවක් නැති මිනිහෙක් ගාව කියලා මිගාරට මතක් වුනා..

"මෙවන්--" අපුර්ව කට අරින්න හදද්දිම..

"අයියෝ..!! නවත්තගනිල්ලකෝ උඹලා දෙන්නගේ දෙබස් කිවිල්ල.. එකෙක් නැවත්තුවම අනික් එකා.. පුදුම කරච්චලයක් වුනා මේක... නවත්තපන් දෙන්නම.. දැන් කතා කරන්නේ මං විතරයි.. ම්ම්...?"

".........."

"මුලින්ම මම හිතුවේ මේක කරලම පෙන්නන්න.. ඒත් මගේ හිත වෙනස් වුනා දැන්.."

"අනේ ලොක්කා.." අරවින්ද කිව්වේ තව පරක්කු වෙන්න යන බව දැනගෙන නොඉවසිල්ලෙන්..

ස්නේහ | CompletedWo Geschichten leben. Entdecke jetzt