57 කොටස

2K 244 20
                                    

වෙඩි සද්දෙට මිගාර ඇස් දෙක පියාගත්තේ ඔලුව ඇතුලේ කී.....ං ගාලා සද්දයක් ඇහෙද්දී... විනාඩියක් දෙකක් යනකන් මිගාරට ඇස් අරින්න පුළුවන් කමක් තිබුනේ නැහැ.. ඒ විනාඩි ගාන පුරාවට ඔලුව ඇතුලේ මැවිලා මැකිලා ගිය රූපරාමු එක්ක මිගාරට ඇහුනේ බොඳ වෙලා ගිය කටහඬවල් විතරයි..

"මි..ගා..ර....."

"ඇ...ස්..ඇර...ගෙන.. මේ...ක බ...ල...ප...න්.."

"ම.. ම..ගේ.. ඔලුව.."

"ක...ට ඇ....ර...ප...න්...."

""මි...ගා...ර.. ම..මට.. ම...ට.. රි..දෙ..න..ව..නේ.."

"ම්...ම්ම්..හ්හ්...."

කී..................ං....!!!!

"කූ....... ලො...කූ.. ලොකූ...!!!!!!" මිගාර පියවි සිහියට ආවේ කවුරු හරි එයාව අල්ලලා වේගෙන් හොලවද්දී.. මිගාර ඒ මනුස්සයා දිහා බලන් හිටියේ කතා කරන්න වචන හිතාගන්න බැරිව.. ජිතේන්ද්‍ර..!

"අපුර්ව..!!!" කතා කරගන්න පුළුවන් වෙච්ච තප්පරේම මිගාරට කියාගන්න පුලුවන් වුනේ එච්චරයි..

"ලොකූ.. හොඳ සිහියට එන්න.." ජිතේන්ද්‍ර කිව්වේ මිගාරගේ ගැටගහලා තිබුන අත් ගලවලා දාන ගමන්..

"අපුර්ව..!" මිගාර ආයෙමත් කිව්වේ ඇඳ දිහාවට දුවලා යන්න හදන ගමන්..

"එයාට අවුලක් නැහැ.. ඉන්න ඉන්න දගලන්න එපා.. ඔයාගේ අතේ ලේ.. ඉන්න මේක ගැට ගහනකන්.." මිගාරට ලේ බලන්න බැහැ කියලා මතක් වෙද්දී ජිතේන්ද්‍ර ලේන්සුවක් අරගෙන මිගාරගේ අතේ තුවාලේ වැහෙන්න ගැට ගහලා දැම්මා..

බාගෙට අතේ ඔතාගත්ත ලේන්සුව අතින් තද කරගෙන මිගාර දුවලා ගියේ අවසිහියෙන් ඇඳේ දිගා වෙලා ඉන්න අපුර්ව දිහාවට.. අපුර්වගේ වෙවුලන අතකින් අල්ලගනිද්දීම...

"එපා.. මිගාර.. මාව මෙ..හෙම අල්ල...න්න දෙ...න්න.. එපා.. මට රිදෙනවා.. මිගාර.. බේරග...න්න මාව.." අවසිහියෙන් වුනත් අපූර්ව ගැලවෙන්න දැගලුවා..

"ශ්ෂ්ෂ්.. බබා.. මේ.. මම.. බය වෙන්නෙපා මැණික.." අසිහියෙන්ම දඟලන අපුර්වව සන්සුන් කරන්න මිගාර එයාගේ මුලු මූණම දෝතට අරගත්තා..

මිගාරගේ උණුහුම දැනිච්ච නිසාමද කොහෙද අපුර්ව කලේ සන්සුන් වෙලා මිගාරගේ පපුව අස්සේ රිංගගත්ත එක..

ස්නේහ | CompletedDonde viven las historias. Descúbrelo ahora