MEEN - 22 🐬

377 62 20
                                    

විදත් ප්‍රොෆෙසර් දිහාවට මූණ හැරෙව්වේ ඇස් රතු කරගෙන..හේතුවක් නැතුව ගහන්න ? ඒකත් ගුඩ් ජොබ් කියලා..??

"අඩුම තරමෙ උඹට එකපාරක් හරි හිතන්න තිබුණා....!!"

සමහර හැඟීම් ළඟ වචන ගොළුවෙද්දි මගහැරීම තමයි හොඳම විසදුම..

"................................................."

වේදනාවෙන් ගිනිගත්ත ඒ ඇස් වල රස්නෙ අනික් ඇස් වලට වදින්නවත් ඉඩක් නොතියා ප්‍රොෆෙසර් යන්න හැරුණා..ඒ පාර දරදඬුයි..ඒක ආයෙ රිදෙන්නම ගහපු පාරක්..විදත් පැළුණ ලේ ගලන තොල පිහිදන ගමන් කිසි වගක් නැති ගාණට වෙරළ දිහාට ඇවිදන් යන ප්‍රොෆෙසර් දිහා  බලාගෙන හිටියේ ආවේගය පිරුණු හැඟීමකින්..
විදත් සාමාන්‍යයෙන් කාගෙන්වත් පාරක් කාලා නිකම් ඉන්න ජාතියේ කෙනෙක් නෙමේ..ඒකත් ප්‍රොෆෙසර්ගෙන්..
කොහොමත් නෑ !!

එහායින් එන රෙස්ටුරන්ව්ල කෑම සුවඳ..
කන්වල වැදීගෙන හුළඟට එකතුවෙන ඉංග්‍රීසි අධිමාත්‍රා..පාරේ එහාට මෙහාට යන වාහන සද්ද..තැන තැන බෙන්ච් වල ආදරණීය පුංචි පුංචි කතා කියන අය..
රෑටත් මුහුද තනිනොකරන අය..දවල් තරම් නැති වුණත් රෑට වුණත් මුහුද අවට යන්තම් දුරට කලබලකාරියි...ඒත් ඇයි අර..? ප්‍රොෆෙසර් ටිකක් කළුවර තැනක අයිනකට වෙන්න තියන බෙන්ච් එකක ගිහින් ඉදගන්නවා විදත් බලාගෙන..වටපිටෙන් වැටෙන එළියෙන් වැටුණ ලා පාට එළියට ඒක පෙනුණා..

"කියන දෙයක් තේරෙන්න කියපන්...!!"

"ඒක අමතක කරපන්..."

ඒත් ඒ ඇස් නෙමේ මොහොතකටවත් හැරුණේ..ඒවා  ඈත රෑ මුහුද එක්ක වෙනම කතාවක්..ඇත්තටම කතාවක්මද නැත්තම්-

"..............................................."

ප්‍රොෆෙසර් එයාගේ සුපුරුදු  අසාමාන්‍ය සාමාන්‍ය පෙනුම මවාගද්දි විදත්ගෙ කේන්තිය පවා මොහොතකට අඩු වෙලා ගියා..පුරුදු මධ්‍යස්ථ දුරපරතරයට ඉඩ තියලා බෙන්ච් එකේ එහා අයිනෙන් වාඩිවුණෙත් ඒ එක්කමයි..
නොපෙන්නුවට බයික් පැදලම එයාටත් අමාරුයි..

"........හරියට කියපන්.....?"

"හැමදේම දැනගෙන දන්නෙ නෑ වගේ ඉන්න උඹට ගට් එක එක තියනවනම් නොකියා ඉන්න මටත් ගට් එක තියෙනවා..."

මීන් | MEEN Where stories live. Discover now